මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කෙරේ

    අප්‍රේල් 30, 2023

    කෝප් කමිටුව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කෙරේ.

    22/10/22 දින පැවති කෝප් කමිටු රැස්වීමේදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත නිකුත් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳව කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා විමසා සිටියේය.


    පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පසුගියදා (26) රැස්වූ අතර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව කමිටුව වෙත කැඳවා තිබිණි.
    2015න් පසු වාර්ෂික වාර්තා ඉදිරිපත් කරන ලෙස කමිටුව දිගින් දිගටම අවධාරණය කළද අවසන් වරට ඉදිරිපත් කළ වාර්ෂික වාර්තාවෙන් පසු තවමත් වාර්තාවක් ප්‍රකාශයට පත් නොකිරීම පිළිබඳව සභාපතිවරයා සිය අප්‍රසාදය පළ කළේය.

     ඉඩම් ලබාදීමේ ක්‍රියාවලිය තවමත් විධිමත් නැහැ
    කොමිෂන් සභාව මගින් ඉඩම් ලබාදීමේදී නිසි අනුපිළිවෙලක් සකසන ලෙස කාරක සභාව පසුගිය රැස්වීමේදී නිර්දේශ කළද තවමත් එහි කිසිදු

    ප්‍රගතියක් නොමැති බව මෙිහිදී සාකච්ඡා කෙරිණි. මෙයට අමතරව දේපොළ පැවරීම් ක්‍රියාවලිය පිළිබඳ සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස සභාපතිවරයා ඉල්ලීමක් කරන ලද අතර ඒ පිළිබඳ විධිමත් ක්‍රියාපටිපාටියක්ස්ථාපිත නොකිරීම සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන ලෙස අමාත්‍යාංශයට උපදෙස් ලබා දුන්නේය.

     විධිමත් ලිපිගොනු පවත්වා නොගැනීම
    ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව තුළ අස්ථානගත වී ඇති ලිපිගොනු සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් අමාත්‍යාංශ මට්ටමින් පවත්වන ලෙස සභාපතිවරයා මෙහිදී අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය. තවද, ඉඩම් සම්බන්ධ දැනට අතුරුදහන්ව ඇති ලිපිගොනු පිළිබඳ ඩිජිටල් දත්ත ග්‍රහණය කර ගැනීමට සහ අනෙකුත් දත්ත ලබා ගැනීමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් සපයා මෙය හැකි ඉක්මනින් අවසන් කරන ලෙසද සභාපතිවරයා එහි ප්‍රගතිය පිළිබඳ දින 30 කින් නැවත වාර්තා කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දුන්නේය.

     බද්දට දෙන ලද ඉඩම්
    බදු දී ඇති ඉඩම්වලට අදාළව පැනගිනන ගැටලු සම්බන්ධයෙන් සලකා බැලීමේදී සහ නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමේදී නිශ්චිත අභ්‍යන්තර ක්‍රියා පටිපාටි අනුගමනය කරන ලෙසද සභාපතිවරයා කොමිෂන් සභාවට උපදෙස් දුන්නේය.

    මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, ජගත් පුෂ්පකුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන (නීතිඥ) අනුර ප්‍රියදර්ශන යාපා, මහින්දානන්ද අලුත්ගමගේ, නිමල් ලාන්සා,  නලින් බණ්ඩාර ජයමහ, චමින්ද විජේසිරි, ජගත් කුමාර සුමිත්‍රආරච්චි, (මේජර්) සුදර්ශන දෙනිපිටිය, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, එම් රාමේෂ්වරන්, රාජිකා වික්‍රමසිංහ සහ ගරු මධුර විතානගේ යන මහත්ම මහත්මීහු පැමිණ සිටියහ.  

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya