මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''ජාතික කාබනික සහතික කිරීමේ සළකුණ'' ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන කොළඹ දී

    අප්‍රේල් 29, 2023

    ජාතික කාබනික සහතික කිරීමේ සළකුණ (National Organic Certification Mark - NOCM) ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන කොළඹ ගාලුමුවදොර හෝටලයේදී (28 ) පැවැත්විණි.

    මෙම ප්‍රවර්ධන වැඩසටහන සඳහා යුරෝපා සංගමය (EU) සහ ජර්මනියේ ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය පිළිබඳ ෆෙඩරල් අමාත්‍යාංශය(BMZ) මූල්‍යමය දායකත්වය සපයන ලද අතර GIZ Sri Lanka (Deutsche Gesellschaft für Internationale Zusammenarbeit GmbH) සමඟ සහයෝගීත්වයෙන්, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) ජාතික කාබනික පාලන ඒකකය (NOCU) විසින් මෙමවැඩසටහන සංවිධානය කරන ලදී.

    ජාතික කාබනික සහතික කිරීමේ ලකුණ (NOCM) පාරිභෝගිකයින් අතර විශ්වාසය ගොඩනැගීමට සහ කාබනික ආහාරවල ගුණාත්මකභාවය සහප්‍රමිතිකරණය සහතික කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය සකස් කර ඇත.දේශීය, සහතික කළ කාබනික නිෂ්පාදකයින්ට ජාතික කාබනිකසහතික කිරීමේ ලකුණ (NOCM) සඳහා අයදුම් කළ හැකිය.

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතා උත්සව සභාව අමතමින් කියා සිටියේ, "ශ්‍රී ලංකාවේ කාබනිකනිෂ්පාදන පාරිභෝගිකයින් මෙම සලකුණට හුරුපුරුදු වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. එවිට ඔවුන්ට වෙළඳපොළේ ඇති උසස් තත්වයේනිෂ්පාදන පහසුවෙන් හඳුනා ගැනීමට හැකි වේවි. ජාතික කාබනික ප්‍රමිතිය (NOS) SLS 1324:2018 ප්‍රකාරව සහතික කරන ලද නිෂ්පාදන සඳහාමෙම ලකුණ හරහා නිසි පිළිගැනීමක් සහ වෙළඳපොළ වාසියක් ලැබෙන බව සහතික කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය කටයුතු කරනවා" යනුවෙනි.

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) යටතේ 2014 දී පිහිටුවන ලද ජාතික කාබනික පාලන ඒකකය (NOCU) ශ්‍රී ලංකාවේ කාබනිකකෘෂිකාර්මික නිෂ්පාදන සම්බන්ධ සියලු කටයුතු අධීක්ෂණය කරයි. එහි අවසරය යටතේ, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය 2018 දී ජාතික කාබනික ප්‍රමිතිය(NOS) SLS 1324:2018 සංශෝධනය කරන ලදී.

    ජාතික කාබනික ප්‍රමිතිය මගින් දිවයිනේ කාබනික නිෂ්පාදන සහ නිෂ්පාදන ක්‍රියාවලිය,වනාන්තරවලින් නෙලාගන්නා අස්වැන්න, පසු අස්වනු හැසිරවීම, ගබඩා කිරීම, සැකසීම, ප්‍රවාහනය, ඇසුරුම් කිරීම, ලේබල් කිරීම සහ අලෙවි කිරීම සඳහා නිර්දේශ නියාමනය කරයි.

    උසස් තත්වයේ කාබනික නිෂ්පාදන පාරිභෝගිකයින්ට ලබා දීමේදී මෙම ප්‍රමිතිය අනුගමනය කිරීමට ගොවීන් සහ නිෂ්පාදකයින් දිරිමත් කරනු ලැබේ. ජාතික කාබනික සහතික කිරීමේ ලකුණ (NOCM) පාරිභෝගිකයින් සහ මහජනතාව අතර ජාතික කාබනික ප්‍රමිතියෙහි (NOS) අවශ්‍යතා තෘප්තිමත්කරන කාබනික නිෂ්පාදන සඳහා පිළිගැනීම වැඩි දියුණු කිරීමට සහ සත්‍යාපනය කිරීමට උපකාරී වේ.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya