මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහර - කඩවත වෙසක් කලාපය මැයි 05 දා ඇරඹේ

    අප්‍රේල් 29, 2023

    ලසන්ත අලගියවන්න පදනම විසින් 12 වන වරටත් සංවිධානය කරනු ලබන කඩවත - මහර වෙසක් කලාපය මෙවර ද 2023 මැයි මස 05, 06 සහ 07 යන දිනවල දී
    පැවැත්වීමට සුදානම් කර තිබේ.


    සුවත උයන අසල අධිවේගී පිවිසුමෙහි එක් කොටසක වෙසක් කලාපය රාජ්‍යnඅනුග්‍රහයෙන් යුතුව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.nපසුගිය වසර 04 කට අසන්න කාලයක් අඛණ්ඩව රටේ ජනතාවට වෙසක් උත්සවයnසැමරීමට අවස්ථාවක් නොලැබුණ බැවින් මෙවර එම අවස්ථාව ජනතාවට ඇත කර දීමේnඅරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙවැනි වෙසක් කලාප ඇතිnඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට උපදෙස් ලබා දී ඇත.

    ඒ අනුව, මෙම වෙසක් කලාපය තුළ රාජ්‍ය හා පෞද්ගලික ආයතන මඟින් වෙසක් පහන් කූඩු නිර්මාණ, ප්‍රදර්ශන වෙළඳ කුටි සහ ලංකාවේ ජලය මත ඉදිවන ඒකම තොරණ ද මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

    ශ්‍රී ලංකා යුධ හමුදාව හා ශ්‍රී ලංකා පොලිසියත්, පාසල් සිසුන් භක්ති ගීත මෙම වෙසක් කලාපය තුළ ඉදිරිපත් කිරීමට ද සැළසුම් කර ඇත.
    තවද ඉදිරිපත් කරන වෙසක් කූඩු වෙනුවෙන් තරඟ පැවැත්වෙන අතර ඒ අතුරින් ජයග්‍රාහී නිර්මාණ සඳහා රුපියල් ලක්ෂ 20 ක මුදලක් ත්‍යාග සඳහා වෙන් කර ඇත. එමෙන්ම, වෙසක් කලාපය පැවැත්වෙන දින 03 තුළ විශාල ජනකායක් පැමිණෙන බැවින් එම ජනතාව වෙනුවෙන් බත් දන්සල්, අයිස්ක්‍රීම් දන්සල් හා ඔසු පැන් දන්සල් ද පැවැත්වීමට සියලු කටයුතු මේවන විටත් සැළසුම් කර ඇත.
    ඊට අමතරව වෙසක් කලාපය වෙත පැමිණෙන ජනතාවගේ ප්‍රවාහන පහසුව සඳහා රාත්‍රී කාලයේ දී ගම්පහ දිස්ත්‍රික්කය තුළ ප්‍රවාහන පහසුකම් සැපයීමටත් අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya