මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුඹුක්කන් ඔය පිටාර ගැලීමෙන් දෙමෝදර රක්ෂිතයේ සිරවීසිටි පොලිස් කණ්ඩායමක් ආරක්ෂිතව මුදාගැනේ

    පෙබරවාරි 22, 2023

     ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සම්බන්ධීකරණයයෙන් කුඹුක්කන් ඔය පිටාර ගැලීම හේතුවෙන් දෙමෝදර රක්ෂිතයේ සිරවීසිටි පොලිස් කණ්ඩායමක් ආරක්ෂිතව මුදා ගෙන ඇත.

    විශේෂ රාජකාරි මෙහෙයුමක් සදහා පසුගියදා (21)දෙමෝදර ප්‍රදේශයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කණ්ඩායමක් කුඹුක්කන් ඔය පිටාර ගැලීමෙන්දෙමෝදර රක්ෂිත වනාන්තර ප්‍රදේශයේ පිවිසුම් මාර්ග යටවීම නිසා එම රක්ෂිත ප්‍රදේශයට ඇතුල් වීමට හෝ රක්ෂිතයෙන් පිටතට පැමිණීමට නොහැකි වී තිබේ.

    එබැවින් රාජකාරි සඳහා රක්ෂිතයට ගොස් ක්ෂණික ගංවතුර හේතුවෙන් සිරවී සිටි පොලිස් නිලධාරීන් 08 දෙනෙකු සහ සැකකරුවන් 05 දෙනෙකු මුදාගැනීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්ෂණික ක්‍රියාකාරී බෝට්ටු බලඝණයට ( RABS) හැකි වී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya