මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''හරිත දුම්රිය ස්ථාන - 2023'' වැඩසටහන මාර්තු 15 වැනිදා ඇරඹේ

    පෙබරවාරි 17, 2023

    ''හරිත දුම්රිය ස්ථාන - 2023 '' වැඩසටහන මාර්තු 15 වැනි දින දිවයින පුරා දුම්රිය ස්ථාන කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වේ.

     

    පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හා දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරන හරිත දුම්රිය ස්ථාන - 2023 වැඩසටහන මාර්තු මස 15 වැනි දිනට යෙදෙන ලෝක පාරිභෝගික දිනයට සමගාමීව දිවයින පුරා දුම්රිය ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

    දුම්රිය ස්ථාන ආශ්‍රිතව පවතින අපද්‍රව්‍ය කළමනාකරණය, බලශක්ති සංරක්ෂණය සහ හරිතකරණය යන මූලික අරමුණ යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් දුම්රිය ස්ථාන වඩාත් පරිසර හිතකාමී පරිශ්‍ර බවට පත් කිරීම, මගීන්ට වඩාත් සුව පහසු සහ ආකර්ශනීය ස්ථාන බවට පත් කිරීම, දුම්රිය ස්ථාන වඩාත් සංචාරක ආකර්ෂණය ලබාගත හැකි පරිදි සංවර්ධනය, දුම්රිය ගමනාගමනය තුලින් සිදුවන පරිසර දූෂණය අවම කිරීම හා කාබන් විමෝචනය අවම කිරීම යන අරමුණු රැසක් ක්‍රියාවට නැංවීම බලාපොරොත්තුවයි.

    ඒ සඳහා සියලු දුම්රිය ස්ථාන අතර පැවැත්වෙන තරගාවලියක් ලෙස මෙම වැඩසටහන වසර පුරා ක්‍රියාත්මක කිරීම තුළින් වඩාත් සාර්ථක ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන දුම්රිය ස්ථාන ඇගයීමට ලක් කිරිම මෙම වැඩසටහන තුළින් සිදුවේ.

    මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. එහිදී මධ්‍යම පරිසර අධිකාරිය මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ සැලසුම පිළිබඳව අදාළ අංශ දැනුවත් කළ අතර ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ, දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ සංගමයේ නියෝජිතයින් ඇතුළු පාර්ශව රැසක නියෝජිතයින් මෙම අවස්ථාවේදී වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව සිය අදහස් පළ කළහ.

    ඒ සඳහා දුම්රිය ස්ථාන ආශ්‍රිත ප්‍රදේශවල පොලිස් ස්ථානවල ක්‍රියාත්මක වන පරිසර පොලිසිය, ප්‍රදේශයේ පළාත් පාලන ආයතන, අපද්‍රව්‍ය ප්‍රතිචක්රීකරණය නිරතවන ආයතන, පාසල් වල පරිසර නියමු සිසු සිසුවියන්, ස්වේච්ඡා ආයතන ක්‍රියාකාරිකයින් සියලු දෙනාගේ ම දායකත්වය සහිතව වඩාත් පරිසර හිතකාමී ලෙස දුම්රිය ස්ථාන පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කිරීමට කැබිනට් මණ්ඩලයේ ද අනුමැතිය ලබාගැනීම සඳහා ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා සහ පරිසර අමාත්‍යවරයා සිය එකඟතාවය පළ කළේය.

    රටට ඉතාමත් හිතකර ඵලදායි ව්‍යාපෘතියක් වන මෙය ඉදිරියේදී ලංකා ගමනාගමන මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අනෙකුත් ආයතනවල මගින් ද ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී අවධාරණය කළේය.

    දුම්රිය ස්ථාන පරිශ්‍ර මෙන්ම දිවයින පුරා පවතින දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් සහ වත්කම් හරිත පරිසර ව්‍යාපෘති වෙත දායක කිරීම මගින් සිදුවන පරිසර හානිය අවම කිරීම මෙන්ම ඒවා ආශ්‍රිතව අපද්‍රව්‍ය සහ කසල ප්‍රතිචක්රීකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම තුළින් ලබාගත හැකි මූල්‍ය හා අනෙකුත් ප්‍රතිලාභ පිළිබඳ වත්, දුම්රිය ස්ථාන ආශ්‍රිත වගා කටයුතු සඳහා අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය සඳහා දිරාපත් වන කසළ යොදා ගැනීමේ හැකියාව සහ දුම්රිය ස්ථාන පරිශ්‍ර වඩාත් පරිසර හිතකාමී පරිදි ආකර්ෂණීය ලෙස පවත්වාගෙන යෑමට මෙම ව්‍යාපෘතිය තුළින් කාර්ය මණ්ඩලය දිරිගැන්වීමේ හැකියාවද පවතින බව අමාත්‍යවරයා තවදුරටත් අවධාරණය කළේය.

    මෙම අවස්ථා සඳහා පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා ,මධ්‍යම පරිසර අධිකාරිය සභාපති ,දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධීකාරි  , දුම්රිය ස්ථානාධිපති සංගමයේ නියෝජිතයින්, පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya