මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තැපැල් ඡන්ද සළකුණු කිරීම කල් යයි

    පෙබරවාරි 17, 2023

    එළඹෙන පළාත් පාලන ආයතන මැතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද සළකුණු කිරීම නියමිත දිනට නොපවත්වන බවත්, අදාළ ඡන්ද සළකුණු කිරීමේ දිනය පසුව දැනුම් දෙව බවත්, මැතිවරණ කොමිසම දන්වයි.

    තැපැල් ඡන්ද සළකුණු කිරීම සම්බන්ධයෙන් පෙබරවාරි 17 (අද) දින මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇත.

    තැපැල් ඡන්ද සළකුණු කිරීම 2023 පෙබරවාරි 22,23,24 සහ 28 යන දිනයන්හි පැවැත්වීමට යෝජිතව තිබූ නමුත් එකඟ වූ පරිදි එම දිනවල තැපැල් ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසම වෙත රජයේ මුද්‍රණාලය විසින් ලබානොදීම හේතුවෙන් මෙසේ ඡන්දය කල් දැමීමට සිදුවන බව එම කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya