මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද සිට අඛණ්ඩ විදුලි සැපයුමක්- විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර

    පෙබරවාරි 16, 2023

    අද සිට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීම සහතික කළ හැකි - විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර

    නව ක්‍රමයක් යටතේ විදුලි ගාස්තු ඊයේ (15) සිට සංශේධනය වීම සඳහා අවශය තීන්දු තීරණ ලබා ගෙන ඇති බවත් අද (16) සිට විදුලි කප්පාදුවක් සිදු නොකරන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ , විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ අද (16) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

     මෙය ඉතාමත් සංවේදි කාරණාවක් බව පැවසු අමාත්‍යවරයා කියා සිටියේ , මෙම තීණ්දුව ගැනීම සඳහා මාස කිහිපක සිට අදාල සෑම පාර්ශවයක් සමඟම සාකච්ඡා කළ බවත් ජනාධිපතිවරයෙක්, ආණ්ඩුවක් ,අමාත්‍යවරයෙක් සහ විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් වශයෙන් ගැනීමට අපහසුම තීණ්දුව ලෙස මෙම තීණ්දුව ගත් බවත්ය.

    ජනතාව මත පමණක් බර පැටවිමට කිසිඳු සූදානමක් නොමැති බවත් විකල්ප පිළිබඳව අධ්‍යයනය කීරිමෙන් පසුව අවසාන ලෙස ගත හැකි විකල්ප තීණ්දුව ලෙස මේ තීරණයට එළැඹීමට අකමැත්තෙන් වුවද සිදුවු බවද අමාත්‍යවරයා කීය.

    මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ බහුතර සාමාජිකයන්ගේ එකඟතාවයෙන් මේ අය ක්‍රමය සඳහා අපට අවසරය දී ඇතැයි කී අමාත්‍යවරයා , අය
    ක්‍රමය ක්‍රියාත්මක වීම හේතුවෙන් ලංකා බැංකුව රුපියල් බිලියන 22ක අමතර ණය මුදලක් ගල් අඟුරු මිලදී ගැනීම වෙනුවෙන් කඩ්නමින් ලබා දීමටත්, මහජන බැංකුව හරහා රුපියල් බිලියන 50ක ණය මුදලක් කඩිණමින් ලබා දීමටත් , ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් අවශ්‍ය ඉන්ධන ,නැප්තා ,දැවිතෙල් ලබා ගැනීම වෙනුවෙන් අවශ්‍ය ණය පහසුකම් සහ මුදල් ලබා ගැනීමට මූලික එකඟතාවක් බැංකු විසින්ලබා දුන් බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.


    මෙම ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ඇතැම් පුද්ගලයන් කිහිපදෙනෙකු වැරදි මතයක් සමාජ ගත කිරීමට උත්සහ කල බවත් මේ ගාස්තු සංශෝධනය සිදු කරනුයේ විදුලි බල මණ්ඩලයේ පැරණි අලාභ පියවා ගැනීමට නොවන බවද අමාත්‍යවරයා කීය.


    මෙම නව අය ක්‍රමය යෝජනා කර ඇත්තේ අද(16) සිට විදුලිය උත්පාදනය කිරීම සඳහා වන වියදම ආවරණය කිරීමට සඳහා පමණක් බව කී අමාත්‍යවරයා, විදුලිබල මණ්ඩලයට ලාභයක් හෝ අමතර අදායමක් ලබා ගැනීමේ අරමුණින් නොවන බවද කීය.


    ජනාධිපතුමා විසින් අඛණ්ඩ විදුලි සැපයුම පමණක් නොව අඩු අදායම්ලාභි පවුල් සඳහා මෙම අය ක්‍රමය යටතේ සුදුසු වැඩපිළිවෙලක් සකස් කරන ලෙස තමාට උපදෙස් ලබා දුන් බවද අමාත්‍යවරයා කීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya