මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණයට සම්බන්ධ ප්‍රධාන රාජ්‍ය ආයතන සමඟ ඒකාබද්ධ සාකච්ඡාවක්

    පෙබරවාරි 16, 2023

    ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණයට සම්බන්ධ ප්‍රධාන රාජ්‍ය ආයතන සමඟ ඒකාබද්ධ සාකච්ඡාවක් (14දා) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්විණී.

    ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ අනුයුක්ත නිලධාරීන්ට සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ආපදා කළමනාකරණයේ වර්තමාන තත්වය සහ ආපදා හේතුවෙන් සිදුවන අවතැන්වීම් සහ ඒ සඳහා ගනු ලබන හදිසි ප්‍රතිචාර යාන්ත්‍රණයන් පිළිබඳව දැනුවත් කිරීම මෙම සාකච්ඡාවේ අරමුණ විය.

    තානාපති කාර්යාල නිලධාරීන් ශ්‍රී ලංකාවේ පවතින ආපදා කළමනාකරණ යාන්ත්‍රණයන් පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා ප්‍රධාන රාජ්‍ය ආයතන සහ තාක්ෂණික ආයතන නියෝජිතයන් සමඟ සාකච්ඡා කර තිබේ.

    මෙම සාකච්ඡාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව සඳහා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී රාවුල් ඉම්බාච් මහතා (Raoul Imbach) , ඉව්ලින් ස්ටූඩර් මහත්මිය (Evelin Studer )ඇතුලු අනෙකුත් තානාපති නිලධාරීන් සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya