මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චෙක්පත් වංචාවලට වැට - විනිමය බිල්පත් ආඥා පනත සංශෝධනය කිරීමට කමිටුවක්

    පෙබරවාරි 16, 2023

    චෙක්පත් මගින් ගනුදෙනු කිරීමේදී සිදුවන වංචා, අක්‍රමිකතා සහ අතපසුවීම් හේතුවෙන් මෙරට ව්‍යාපාරික ප්‍රජාව හා සාමාන්‍ය ජනතාව මුහුණ දෙන දුෂ්කරතාසැළකිල්ලට ගනිමින් ඒ සම්බන්ධව පවතින නීති වර්තමානයට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීම සදහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රමව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුවිශේෂඥ කමිටුවක් පත් කිරීමට පියවර ගෙන ඇත.

    දැනට පවතින විනිමය බිල්පත් ආඥා පනත වසර 95 ක් පමණ පැරණි 1927 වසරේදී සකස් කළ පනතක් වන අතර, ඒ අනුව එම පනත සංශෝධනය කිරීමටනියමිත අතර, විශේෂඥ කමිටුව සති දෙකක කාලයක් තුළ මේ පිළිබදව පවතින දේශිය හා ජාත්‍යන්තර නීතිමය තත්වයන් පිළිබදව අධ්‍යනය කරමින් නීතිසංශෝධනය විය යුතු අකාරය පිළිබදව වාර්තාවක් සකස් කිරීමට නියමිතව තිබේ.

    සිංගප්පුරුව ඉන්දියාව හා වෙනත් රටවල් මේ පිළිබදව සකස් කර ඇති නීති අධ්‍යයනය කරමින් නව නීති සකස් කිරීමට පියවර ගන්නා ලෙසත්, චෙක්පත් මගින්ගනුදෙනු කිරීමේදී සිදු වන වංචා හා අක්‍රමිකතා හේතුවෙන් සාමාන්‍ය ජනතාව, ව්‍යාපාරික ප්‍රජාව, බැංකු හා මුල්‍ය ආයතන දැඩි අපහසුතාවය පත් වන බවත්, ඒ හේතුවෙන් මෙම පනත වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීම කාලීන අවශ්‍යතාවයක් බවත්, මෙහිදී අධිකරණ අමාත්‍යවරයා සදහන් කළේය.

    චෙක්පත් මගින් ගනුදෙනු කිරීමේදී සිදු වන වංචා, අක්‍රමිකතා සහ අතපසුවීම් සම්බන්ධ පවතින නීති සංශෝධනය කිරීම පිළිබදව විශේෂ සාකච්ඡාවක් (14) අධිකරණ අමාත්‍යාංශයේදී පැවති අතර එම අවස්ථාවට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේලේකම් වසන්තා පෙරේරා, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන, නීතිඥ ජී.ජී.අරුල්ප්‍රගාසම් යන මහත්ම මහත්මීන් ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතිකඉතිරි කිරීමේ බැංකුව, හැටන් නැෂනල් බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, සම්පත් බැංකුව ඇතුළු බැංකු හා මුල්‍ය ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨනිලධාරීන් පිරිසක් එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya