මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රීමත් ඩී.බී ජයතිලක ජන්ම දිනය සැමරේ

    පෙබරවාරි 16, 2023

    ශ්‍රීමත් ඩී.බී ජයතිලක මැතිතුමාගේ 155 වැනි ජන්ම දින සැමරුම සහ අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය, කොළඹ 07 බෞද්ධ මහා සම්මේලන ශාලාවේ දී පසුගිය (13) දා පැවැත්විණ.

    බෞද්ධ මහා සම්මේලනයේ ප්‍රථම සභාපති ලෙස කටයුතු කළ ශ්‍රීමත් බාරොන් ජයතිලක මැතිතුමාගේ 155 වන ජන්මෝත්සවය නිමිත්තෙන් පැවති මෙම වැඩසටහනේ මූලාසනය හොබවනු ලැබුවේ ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි.

    බෞද්ධ ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා⁣ගේ සහභාගීත්වයෙන් පැවති මෙම ජන්ම දින සැමරුමේ දී ශ්‍රීමත් ඩී.බී ජයතිලක මැතිතුමා වෙනුවෙන් පුෂ්පෝපහාර පුදකරනු ලැබිණි.
    ශ්‍රීමත් ඩී.බී ජයතිලක මහතාගේ ඥාතීන්ගේ ද සහභාගීත්වයෙන් ශ්‍රීමත් ඩී.බී.ජයතිලක අනුස්මරණ ශිෂ්‍යත්ව කමිටුව මගින් ගිහි - පැවිදි විශ්ව විද්‍යාල,පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කළේ ය.

    වෘත්තීය ජීවිතයේ උගුර කන නාසය පිළිබඳව විශේෂඥ වෛද්‍යවරියක් ලෙසින් බොහෝ පිරිසකට කථන හැකියාව ලබා දෙමින් කරන ලද උදාරතර මෙහෙය අගයමින් සංජීවනී රූපසිංහ විද්‍යවරිය වෙත බොදු මහා සමුළු ගෞරව ප්‍රණාම සම්මානය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් පිරිනමනු ලැබූ අතර නෙකුත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනමනු ලැබීය. ශ්‍රීමත් ඩී.බී ජයතිලක මැතිතුමා පිළිබඳ රචිත ග්‍රන්ථයක් ද එතුමන්ගේ ඥාතී දනුක සමරසිංහ මහතා විසින් අමාත්‍යවරයා වෙත ප්‍රදානය කරනු ලැබිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya