මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැන්ඩෝස් සුළි කුණාටුව නිසා උතුරු නැගෙනහිර මිය ගිය පශු සම්පත වෙනුවෙන් වන්දි

    පෙබරවාරි 15, 2023

    2022 දෙසැම්බර් මාසයේ මෙරටට බලපෑ මැන්ඩෝස් සුළි කුණාටුව  හේතුවෙන් ඇති වූ අධික ශීත කාලගුණික තත්වයෙන් උතුරු නැගෙනහිර මිය ගිය පශු සම්පත වෙනුවෙන් ඔවුන්ගේ අයිතිකරුවන්ට වන්දි වශයෙන් රුපියල් මිලියන 30.44 ක මුදලක් ලබාදෙයි.

    ඊට අදාළ චෙක්පත් ඊයේ (14) කාෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පශු සම්පත් අංශයේ අතිරේක ලේකම් වෛද්‍ය එල්. ඩබ්. එන්. සමරනායක මහතාට භාර දී ඇත.

    ඒ අනුව මෙම වන්දි මුදල් ලබා දීම උතුරු හා නැගෙනහිර පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරු මගින් සිදු කිරිමට නියමිත අතර උතුරු පළාතට රුපියල් මිලියන 18.53ක් හා නැගෙහිර පළාතට රුපියල් මිලියන 11.9ක් වශයෙන් වෙන් කර තිබේ.

    ශීත කාලගුණික තත්ත්වය නිසා උතුරු පළාතේ ගවයින් 514ක්, ගවපැටවුන් 630ක්, එළුවන් 305ක් හා එළුපැටවුන් 144ක් මරණයට පත්විය. එමෙන්ම නැගෙනහිර පළාතේ ගවයින් 423ක්, ගව පැටවුන් 299ක්, එළුවන් 65ක් හා එළු පැටවුන් 45ක් වශයෙන් මරණයට පත්වී තිබේ. ගවයෙක් සඳහා රුපියල් 20,000ක්, ගව පැටවෙක් සඳහා රු. 10,000ක්, එළුවෙක් සඳහා රු. 5000ක් හා එළු පැටවෙක් සදහා රු. 3000ක් වශයෙන් වන්දි මුදල් ලබා දීමට නියමිතය.

    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා රටේ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක වුවත් කාළගුණික හේතුන් මත ගොවි ජනතාවට සිදු වූ හානිය සළකා බලා මෙම වන්දි මුදල් ලබා දීමට මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජයට ස්තුතිය පළ කරන බව සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya