මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ආර්ථිකය ගොඩනැගීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති රාමුවක් ජනාධිපති ඉදිරිපත් කළා - අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

    පෙබරවාරි 10, 2023

    ජාතික ආර්ථිකය ගොඩනැගීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති රාමුවක් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේ දෙවැනි දින විවාදයේ අඳහස් දක්වමිනි.

    ජනප්‍රිය කෙටිකාලීන විසඳුම් නොවේ ඉදිරිපත් කළේ. ජාතික ආර්ථිකය ගොඩ නැගීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති රාමුවක් ජනාධිපතිතුමා ඉදිරි පත් කළා. ජනප්‍රිය දේශපාලනයෙන් බැහැර වූ මංපෙත් විවාර කළ කතාවක්. ජනතාවට සුරංගනා කතා කියන දෙයි බැහැරව ගොස් ඇත්ත කියලා විසඳුම් මාලාවක් ඉදිරිපත් කර තිබෙනවා. අයි එම් එෆ් (IMF ) සහයෝගය අවශ්‍යයි. විපක්ෂය කියන්න වෙන කොහෙන් ද හොයන්නේ කියලා. විපක්ෂය බලයට ආව කියලා අයි එම් එෆ් තීරණ වෙනස් කරනව ද? ඉන් බැහැරව තීන්දු ගන්න බෑ. අපේ රෝගයට තිත බෙහෙත් බොන්න වෙලා තිබෙනවා.

    අපි රජයට එකතු වුණේ, ඔක්කොම බය වෙද්දි රනිල් වික්‍රමසිංහ අභියෝගය බාර ගෙන රට ගොඩ නැගීමට ඉදිරිපත් වුණා. ඒ නිසයි සහයෝගය ලබාදෙන්නේ.අපි යන මඟ ඉතා පැහැදිළියි. සංචාරකයින් එන්න පටන්ගෙන තිබෙනවා. විදේශ ශ්‍රමිකයන් රට හා රජය ගැන විශ්වාස කරලා විදෙස් ප්‍රේෂණ එවනවා. අනාගතයේ තිරසාර විසඳුමක් ලබාගන්න පුළුවන්.රජයට ව්‍යාපාර කරන්න බෑ.

    ජනතාව බුද්ධිමත්ව කල්පනා කළ යුතුයි.මේ රටේ දේශපාලන ත්‍රස්තවාදයට ඉඩ දිය යුතු නෑ. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහය කඩන්න දෙන්න බෑ.ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහය ශක්තිමත් කළ යුතුයි.දේශපාලන ත්‍රස්තවාදය මර්ධනය කිරීමට අනිවාර්යෙන් ම පියවර ගත යුතු යැයි ද අමාත්‍යවරයා පැවසීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya