මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් රාජධානියේ නව අග්‍රාමාත්‍යවරියට ජනාධිපති සුබ පතයි

    සැප්තැම්බර් 07, 2022

    එක්සත් රාජධානියේ නව අග්‍රාමාත්‍යවරියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සුබපැතුම්

    එක්සත් රාජධානියේ නව අග්‍රාමාත්‍ය ධුරයට සහ කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට අභිනවයෙන් තේරී පත් වූ එලිසබෙත් ට්‍රස් (Elizabeth Truss) මහත්මිය වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, සිය උණුසුම් සුබපැතුම් පිරිනමයි.

    විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය හවුල් ඉතිහාසයකින් බැඳී දීර්ඝ කාලීන මිත්‍ර සබඳතාවක් භුක්ති විඳින බවයි.

    කැබිනට් අමාත්‍යාංශ ගණනාවක සේවය කර ඇති ට්‍රස් මහත්මියගේ පරිණතභාවය සහ අත්දැකීම් අග්‍රාමාත්‍යවරිය ලෙස ඇයගේ ජනවරම ඉටු කිරීමට මනා පිටිවහලක් වනු ඇති බව ද වික්‍රමසිංහ මහතා පෙන්වා දී තිබේ.

    ප්‍රජාතන්ත්‍රවාදී පරමාදර්ශ මගින් සවිගැන් වූ බහුවිධ හවුල්කාරිත්ව දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික සබඳතා තුළින් පුළුල් පරාසයක නියැලී ශක්තිමත් මානව සබඳතා අතරින් අන්තර්ක්‍රියා දක්වා විහිඳෙයි. පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල් සමග මහා බ්‍රිතාන්‍ය දියත් කර තිබෙන නව ප්ලැටිනම් හවුල්කාරිත්ව යෝජනා ක්‍රමය යටතේ එක්සත් රාජධානිය සමග තිබෙන සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

    තව ද එක්සත් රාජධානියේ මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමයට ශ්‍රී ලංකාව ප්‍රතිලාභී රටක් ලෙස ඇතුළත් කිරීම ද වික්‍රමසිංහ මහතා ඇගයීමට ලක් කර ඇත.

    2023 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාව සිය 75 වන නිදහස් සංවත්සරය සැමරීමට සූදානම්ව සිටින අතර, එක්සත් රාජධානිය සමඟ සහයෝගීතාව තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබපැතුම් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    ජනාධිපති මාධ්‍ය අංශය  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya