මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      " සියලු ග්‍රාම නිලධාරි වසම් ග්‍රාමීය ආර්ථීක පුනර්ජීවන කේන්ද්‍ර ලෙස සවිබල ගැන්වීමේ ජාතික වැඩපිළිවෙළට " අදාළ චක්‍රලේඛය නිකුත් වේ.

    සැප්තැම්බර් 07, 2022

     

    අගමැති යෝජනාවෙන් ඇරඹෙන " සියලු ග්‍රාම නිලධාරි වසම් ග්‍රාමීය ආර්ථීක පුනර්ජීවන කේන්ද්‍ර ලෙස සවිබල ගැන්වීමේ ජාතික වැඩපිළිවෙළට " අදාළ චක්‍රලේඛය නිකුත් වේ.

     

     

    " දිවයිනේ සියලු ම ග්‍රාම නිලධාරි වසම් ග්‍රාමීය ආර්ථීක පුනර්ජීවන කේන්ද්‍ර ලෙස සවිබල ගැන්වීමේ ජාතික වැඩපිළිවෙළ " සඳහා, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී ඇති අතර, ඊට අදාළ චක්‍ර ලේඛය 2022.09.06 දින නිකුත් කෙරිණි.

     

    එමෙන්ම මේ පිළිබඳව දිසාපතිවරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් දැනුවත් කිරීමේ රැස්වීම, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2022.09.07 දින පැවැත්වීමට නියමිතය.

     

    මෙමගින්, රාජ්‍ය අංශය සමග පෞද්ගලික, සමුපකාර හා රාජ්‍ය නොවන අංශ අතර සම්බන්ධතාවයද ශක්තිමත් කරමින්,මෙරට ආර්ථිකය ඉදිරි වසර දෙක තුළ පරිවර්තනයකට ලක් කිරීමට යෝජිතය.

     

    ග්‍රාමීය ආර්ථික ක්‍රියාවලිය යළි ශක්තිමත් කිරීම මෙන්ම රට තුළ ජාතික ආහාර සුරක්ෂිතතාවය ද සහතික වනු පිණිස ජනාධිපතිතුමාගේ සභාපතිත්වයෙන් පිහිටුවා ඇති ජාතික ආහාර සුරක්ෂිතතා කමිටු ඉලක්ක සපුරා ගැනීමටද, මෙම ග්‍රාමීය ආර්ථික සංවර්ධන නව ප්‍රවේශය හරහා යෝජිත අතර, මෙම වැඩසටහන දිවයිනේ 14022 ක් වන සියලු ම ග්‍රාම නිලධාරි වසම් ආවරණය වන ජාතික වැඩ පිළිවෙළක් ලෙස කඩිනමින්ම සක්‍රිය කිරීමට අපේක්ෂා කෙරෙන බව, අමාත්‍යංශ ලේකම් එම් එම් පී කේ මායාදුන්නෙ මහතාගේ අත්සනින් නිකුත් කර ඇති චක්‍රලේඛයේ දැක්වේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya