අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව ලබන අගහරුවාදා (06) සිට සිකුරාදා (09) දක්වා රැස්වෙයි

    සැප්තැම්බර් 02, 2022

     6 සහ 7 දෙදින “ශ්‍රී ලංකාවේ දරුවන්ගේ සහ මව්වරුන්ගේ මන්ද පෝෂණ තත්ත්වය” පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය සදහා වෙන් කෙරේ...  2022 වර්ෂය සදහා වන වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබද වාර්තාව සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදය ලබන 8 වැනිදා...

    පාර්ලිමේන්තුව ලබන අගහරුවාදා (06) සිට සිකුරාදා (09) දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි.

     

    පාර්ලිමේන්තුව ලබන 6 වැනිදා සිට 9 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් (01) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.

    මේ අනුව ලබන 6, 7 සහ 8 තෙදින පෙ.ව 9.30 සිට පෙ.ව 10.30 දක්වා කාලය මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත. නව සභාවාරයේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ඇසීමේ පළමු අවස්ථාව මෙය වේ.

    ලබන 6 වැනිදා පෙ.ව 10.30 සිට පෙ.ව 10.45 දක්වා සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි විවාදයකින් තොරව සම්මත කරගැනීමට නියමිතව ඇත. ඉන් අනතුරුව පෙ.ව 10.45 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය ගෙනෙන යෝජනාවකට අනුව “ ශ්‍රී ලංකාවේ දරුවන්ගේ සහ මව්වරුන්ගේ මන්ද පෝෂණ තත්ත්වය” පිළිබද සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමටද මෙහිදී තීරණය වී ඇත.

    එසේම ලබන 7 වැනිදා “ශ්‍රී ලංකාවේ දරුවන්ගේ සහ මව්වරුන්ගේ මන්ද පෝෂණ තත්ත්වය” පිළිබද සභාව කල් තැබීමේ විවාදය දෙවැනි දිනයටත්
    පෙ.ව 10.30 සිට ප.ව 5.30 දක්වා පැවැත්වීමට නියමිතය. ලබන 8 වැනිදා පෙ.ව 10.30 සිට පෙ.ව 11.00 දක්වා කාර්මික ආරවුල් (සංශෝධන) පනත් කෙටුම්පත් ද්විත්වයක් (130 හා 132) සහ කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත විවාදයකින් තොරව සම්මත කරගැනීමට නියමිතව තිබේ. ඉන් අනතුරුව 2022
    වර්ෂය සදහා වන වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබද වාර්තාව පිළිබද සභාව කල්තැබීමේ විවාදය පෙ.ව 11.00 සිට ප.ව 5.30 දක්වා පැවැත්වීමට ද මෙහිදී තීරණය ඇති බව මහලේකම්වරයා පැවසීය.

    මේ අතර ලබන 9 වැනිදා වෙන්ව ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත අමරකීර්ති අතුකෝරළ මහතා පිළිබද ශෝක යෝජනා ඉදිරිපත් කිරීමටයි. මේ අනුව එදින පෙ.ව 9.30 සිට ප.ව 4.30 දක්වා ඒ සදහා කාලය වෙන්කොට ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya