මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ- පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට

    ජූනි 26, 2022

    මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව එම කාරක සභාවේ සභාපති සභානායක, අමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පසුගියදා (22) පාර්ලිමේන්තුවේ සභාගතකරන ලදි.


    2021 මැයි මස 17 වන දින පළමුවරට රැස් වූ මෙම කාරක සභාව තම අදහස් ප්‍රකාශ කිරීම සඳහා ජනතාවට ඇති අයිතියට ගරු කරමින් මැතිවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජනතාව සහ උනන්දුවක් දක්වන සංවිධාන වෙතින් නියෝජනයන් ඉදිරිපත්කරන ලෙස දක්වමින් පළ කරන ලද පුවත්පත් නිවේදනයට ප්‍රතිචාර ලෙස රාජ්‍ය නොවන සංවිධාන, ආගමික සංවිධාන, කාන්තා කණ්ඩායම්, විවිධ සංස්කෘතික හා ජන
    වර්ගික කණ්ඩායම්වල නියෝජනයන් සහ සාමාන්‍ය මහජනතාව ඇතුළු පාර්ශවකරුවන් විසින් ඉදිරිපත් කරන ලද නියෝජනයන් 160ක් පමණ කාරක සභාව වෙත ලැබී තිබුණි. ඊට අමතරව පිළිගත් දේශපාලන පක්ෂ 69කින් තම නියෝජනයන් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා තිබූ අතර ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 36ක් කාරක සභාව වෙත තම ලිඛිත සහ වාචික නියෝජනයන් ඉදිරිපත් කර තිබුණි. මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂද ඇතුළත් විය.

    පසුව කාරක සභා රැස්වීම් වාර 29ක් තුළදී පිළිගත් දේශපාලන පක්ෂ, සාමාන්‍ය ජනතාව සහ උනන්දුවක් දක්වන සංවිධාන, කාන්තාවන් නියෝජනය කරන සංවිධාන සහ විද්‍යුත් මාධ්‍ය ආයතන මගින් ඉදිරිපත කළ වාචික සහ ලිඛිත නියෝජනයන් සියල්ලම කාරකසභාව විසින් සලකා බලමින් කාරක සභාවේ අවසන් වාර්තාව මෙසේ සභාගත කර තිබේ.

    මෙම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගතකරමින් එම කාරක සභාවේ සභාපති සභානායක, අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා එහි සඳහන් නිරීක්ෂණ මෙන්ම නිර්දේශ පිළිබඳව ද පැහැදිලි කරන ලදි.

    මේ අනුව
     පළාත් සභා මැතිවරණය පිළිබඳ අදහස් ප්‍රකාශ කරමින් පවතින නීති සංශෝධනය හෝ නව නීති රීති සකස් කිරීමට ද එසේ නොමැති නම් පැරණි ඡන්ද ක්‍රමය යටතේ එය පැවැත්වීමටද
     විවිධ පාර්ශ්ව විසින් මිශ්‍ර ඡන්ද ක්‍රමයක අවශ්‍යතාව යෝජනා කර ඇති අතර මෙම වාර්තාව මගින්ද මිශ්‍ර ඡන්ද ක්‍රමයක අවශ්‍යතාව පෙන්වා දීම ද
     පළාත් පාලන මැතිවරණයේ එල්ලන ලද ආසන ඉවත් කිරීම ද
     කාන්තා නියෝජනයට අතිරේකව තරුණ නියෝජනය සහතික කිරීම ද
     ජනමාධ්‍ය මැතිවරණ සමයේ අනුගමනය කළ යුතු යුතුකම් හා වගකීම්, බැඳීම් පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව විසින් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගෙන ක්‍රියාත්මක විය යුතු බව ද
     දේශපාලන පක්ෂ ලියාපදිංචිය පිළිබඳව සඳහන් කරමින් 70 කට අධික දේශපාලන පක්ෂ ලියාපදිංචිය ලබා තිබුණද ක්‍රියාකාරීත්වය පිළිබඳ විවිධ කරුණු මතුවී තිබෙන බැවින් පාර්ලිමේන්තු
    මැතිවරණය හා අනෙකුත් මැතිවරණවලට ඉදිරිපත්වීම සඳහා ප්‍රාදේශීය සහ අනෙකුත් වශයෙන් පිළිගන්නා දේශපාලන පක්ෂ වෙන්කිරීම පිළිබඳව ද
     විද්‍යුත් මාධ්‍ය තුළින් දේශපාලන ප්‍රචාරණ සිදු කිරීමේදී බොහෝ අපේක්ෂකයන්ට වන අඩුපාඩු සම්බන්ධයෙන් සාධාරණත්වයෙන් කටයුතු කළ යුතු බවට ද
     බොහෝ දූෂණයන්ගෙන් පිරුණු වියදම් අධික ඡන්ද ක්‍රමයක් බවට මැතිවරණ පත්ව ඇත්තේ සහ මැතිවරණ නීති උල්ලංගනය වීම සිදුවන්නේ අසීමිත ලෙස අද මැතිවරණ තුළ වියදම් සිදුකිරීමට පරිවර්තනය වී තිබීම නිසා බව ද එබැවින් මැතිවරණ වියදම් පාලනය කිරීමේ නීති සම්පාදනය, චර්යාධර්ම පද්ධතියක් අනුගමනය කිරීම සහ මැතිවරණයේදී රාජ්‍ය සම්පත් අවභාවිතය වැලැක්වීම පිළිබඳව ද
    යෝජනා මෙම වාර්තාවේ අන්තර්ගත වන බව හෙතෙම පෙන්වා දුන්නේය. 

    ඒ අනුව ඉදිරිපත් කළ මෙම අවසාන වාර්තාව තුළ නිරීක්ෂණ 25 ක් අන්තර්ගත වේ. එසේම මෙම වාර්තාව තුළ නිර්දේශ 15 ක් ද අන්තර්ගත වේ. මෙහිදී මැතිවරණ ක්‍රම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර ඒ
    යටතේ පළාත් පාලන මැතිවරණ, පළාත් සභා මැතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව නිර්දේශ ද, කාන්තා නියෝජනය වැඩිකිරීම පිළිබඳව නිර්දේශ ද, යොවුන් නියෝජනය යටතේ පළාත් පාලන මැතිවරණ සහ පළාත් සභා මැතිවරණ වල නාම යෝජනා ලැයිස්තු තුළ යොවුන් නියෝජනය සඳහා 25% ක පංගුවක්  (කෝටාවක්) වෙන් කිරීම අනිවාර්ය කිරීම උදෙසා නෛතික විධිවිධාන හඳුන්වාදීම පිළිබඳ නිර්දේශ ද ඇතුළත් වේ.

    එසේම ඡන්දදායකයන්ගේ පිළිගැනීම මත දේශපාලන පක්ෂ පිළිගැනීම සම්බන්ධව නිර්දේශ ද, මාධ්‍ය යන කොටස යටතේ මාධ්‍ය උපමාන, විද්‍යුත් මාධ්‍ය තුළින් දේශපාලන  ප්‍රචාරණ කටයුතු සිදු කිරීම, මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සමාජ මාධ්‍ය වේදිකාවන් විසින් සිදු කරනු ලබන මැතිවරණ ප්‍රචාරණ කටයුතු, තොරතුරු වැරදි ලෙස අර්ථ නිරූපණය
    කිරීම සහ ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කිරීම පිළිබඳ නිර්දේශ ද මීට ඇතුළත් වේ.

    තවද මැතිවරණ ප්‍රචාරණ කටයුතු, ඡන්දය ප්‍රකාශකිරීමේ අයිතිය, නාමයෝජනා ක්‍රමවේදය, මැතිවරණ ක්‍රියාදාමය, මැතිවරණ විනිශ්චය සභාව, මැතිවරණය අවසන් වනතුරු පළාත් පාලන ආයතනවල හා පළාත් සභාවල බලතල කොමසාරිස්වරයා /ලේකම්වරයා හා පළාත් ලේකම්වරයා වෙත අභිනියෝජනය කළ යුතු බව, පළාත් පාලන ආයතනයක් මගින් වාර්ෂික අයවැය අනුමත කිරීමට අසමත් වීම, පළාත්
    පාලන මැතිවරණවලට තරඟ කිරීමට ක්ෂේත්‍ර නිලධාරීන්ට ඇති සීමාව, ජාතික ලැයිස්තුව සහ සීමා නිර්ණය යන අංශ පිළිබඳව ද මෙම අවසන් වාර්තාවේ නිර්දේශ ඇතුළත් වේ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya