මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්ධන සඳහා පෝලිම් ගැසීමෙන් වළකින්න- බලශක්ති ඇමති

    ජූනි 26, 2022

    මෙම සතිය මුලදී සහ ලබන සතියේ මෙරටට පැමිණෙන බව තහවුරු කළ පෙට්‍රල්, ඩීසල් සහ බොරතෙල් තොග පැමිණීම තවත් ප්‍රමාද වන බවත් ඉන්ධන සඳහා පෝලිම් ගැසීමෙන් වළකින ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන් වෙයි.

    මීළඟ ඉන්ධන නෞකාව වරායට පැමිණ ගොඩබාන තුරු, පොදු ප්‍රවාහනය, බලශක්ති උත්පාදනය සහ කර්මාන්ත සඳහා ප්‍රමුඛත්වය දෙන බවත් දැනට ඇති සීමිත ඩීසල් සහ පෙට්‍රල් තොග ලබන සතිය පුරාවට සීමිත ස්ථාන වෙත බෙදා හරින බවත් අමාත්‍යවරයා පවසයි.

    එසේම සියලුම නව සහ දැනට සිටින සැපයුම්කරුවන් සමඟ සහයෝගයෙන් වැඩ කරන බවත් සැපයුම්කරුවන් , බැංකු සහ සැපයුම් හේතූන් මත නියමිත වේලාවට ඉන්ධන බෙදා හැරීම් සිදු කිරීමට නොහැකි වූ බවත් මීළඟ බොරතෙල් නෞකාව මෙරටට පැමිණෙන තෙක් පිරිපහදු මෙහෙයුම් තාවකාලිකව වසා දමනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya