මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිව් යෝර්ක් නුවර ජාත්‍යන්තර වෙසක් දිනය සමරයි

    මැයි 17, 2022

    මාධ්‍ය නිවේදනය

    නිව් යෝර්ක් නුවර ජාත්‍යන්තර වෙසක් දිනය සමරයි

    නිව්යොර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා සහ තායිලන්ත නිත්‍ය දූත මණ්ඩල විසින් 2022 මැයි 13 වැනි දින ජාත්‍යන්තර වෙසක් දින සැමරුම අතථ්‍යව සම සත්කාරකත්වය ලබා දෙන ලදී. ශ්‍රී ලංකාවේ සහ තායිලන්තයේ අනුග්‍රහය යටතේ 1999 වසරේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 54/115 යෝජනාව සම්මත කරන ලද අතර එමඟින් වෙසක් දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ජාත්‍යන්තර පිළිගැනීමට පාත්‍ර විය.

    මෙම වැඩසටහනේ සම සත්කාරකත්වය දැරූ ශ්‍රී ලංකා තානාපති මොහාන් පීරිස් මැතිතුමා සහ තායිලන්ත තානාපති සූරිය චින්දවොන්සේ මැතිතුමා ඉදිරිපත් කළ සමාරම්භක දේශනවලින් අනතුරුව උත්සවය ආරම්භ කෙරුණු අතර, එහිදී ලෝකවාසී බෞද්ධ ජනතාවට වෙසක් උත්සවය වැදගත් වන්නේ කෙසේද යන්න පිළිබඳව අවධාරණය කෙරිණි.

    මෙම ඉහළ පෙළේ වැඩසටහන අතරතුරදී, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වැනි සැසිවාරයේ සභාපති අබ්දුල්ලා ෂහීඩ් මහතා සහ තායිලන්ත රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය දොන් ප්‍රමුද්විනයි මැතිතුමා විසින් මෙම වැඩසටහනට පෙර පටිගත කරන ලද ප්‍රකාශ හරහා උත්සවය අමතන ලදී. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද පණිවුඩයක් මෙන්ම, මුළු ලොවම බහුවිධ අභියෝගවලට මුහුණ දෙන වාතාවරණයක් හමුවේ, බුදු දහම තුළින් ගම්‍ය වන නිහතමානීකම සහ ගැඹුරු සංවේදනය අපගේ ලෝකයේ යහපැවැත්ම සඳහා අන් කවරදාටත් වඩා අත්‍යවශ්‍ය වී ඇති බව වඩාත් පැහැදිලි වී ඇති බව අවධාරණය කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා විසින් නිකුත් කරන ලද ලිඛිත පණිවුඩයක් ද ඉදිරිපත් කරන ලදී.

    ස්ටේටන් අයිලන්ඩ් හි බෞද්ධ විහාරයේ විහාරාධිපති හීන්බුන්නේ කොන්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ථෙරවාදී සම්ප්‍රදායට අනුව සෙත් පැතූ හ. නිව්යෝර්ක් හි සාමය හා ප්‍රතිසන්ධානය පිළිබඳ හයිවා පදනමේ නිර්මාතෘ සහ සභාපති පූජ්‍ය නකගාකි ස්වාමීන් වහන්සේ, ඇමරිකානු බෞද්ධ සම්මේලනයේ පූජ්‍ය මින්ග් යූ ස්වාමීන් වහන්සේ, කොරියානු බෞද්ධ වොන්කක්සා හි පූජ්‍ය ගික්වොංග් ස්වාමීන් වහන්සේ කොරියානු, ජපන් සහ චීන භාෂාවලින් 'හෘද සූත්‍රය' සහ 'සතර මහා භාරය' සජ්ඣායනය කරමින් සෙත් පැතූ හ.

    තායිලන්තයේ වොට් ෆා ඥානචට් ආශ්‍රමයේ පූජ්‍ය අජාන් කෙවාලි ස්වාමීන් වහන්සේ සහ නිව්යෝර්ක් බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති සහ නිව්යෝර්ක් බෞද්ධ විහාර පදනමේ සභාපති පූජ්‍ය අලුත්ගම ධම්මජෝති ස්වාමීන් වහන්සේ බුදු රජාණන් වහන්සේගේ දහම් පණිවුඩය ගෙනහැර දක්වමින් ධර්ම දේශනා ඉදිරිපත් කළ අතර මෙම වෙසක් සැමරුම සඳහා සෙත් පැතූ හ. ශ්‍රී ලංකාවේ සහ තායිලන්තයේ වෙසක් උත්සවය සමරන ආකාරය දැක්වෙන සංස්කෘතික වීඩියෝ දර්ශන පට ද මෙහිදී විදහා දක්වන ලදී.

    මෙම අවස්ථාව සඳහා නේපාලය, ඉන්දියාව, වියට්නාමය, චීනය, සිංගප්පූරුව, භූතානය, මියන්මාරය, ඊජිප්තුව, ලාඕ මහජන ප්‍රජාතාන්ත්‍රික ජනරජය, කාම්බෝජයේ නියෝජිතයන්, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, පකිස්තානය, ජපානය, පිලිපීනය, කොරියානු ජනරජය, රුසියාව සහ මැලේසියාව යන රටවල් නියෝජනය කරමින් අතථ්‍ය අයුරින් සහභාගී වූ නිත්‍ය නියෝජිතයෝ තම රටවල වෙසක් උත්සවය සමරන ආකාරය පිළිබඳව ප්‍රකාශ නිකුත් කළ අතර, එහිදී අපගේ ජීවිතවලට බුදු දහම අදාළ වන ආකාරය සහ වැදගත්කම පිළිබඳව අදහස් පළ කෙරිණි.

    නිව්යෝර්ක් හි නිත්‍ය දූත මණ්ඩලය

    නිව්යෝර්ක්

     

    2022 මැයි 16 වැනි දින

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya