මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු පළාතට මහා පරිමාණ මුහුදු පැළෑටි ව්‍යාපෘතියක්

    මැයි 02, 2022

    උතුරු පළාතට මහා පරිමාණ මුහුදු පැළෑටි ව්‍යාපෘතියක් ආරම්භ කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

    යාපනය දිස්ත්‍රික්කයේ මණ්ඩතිව් ප්‍රදේශයේ නවීන තාක්ෂණයෙන් යුත් මුහුදු පැළැටි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අවශ්‍ය මුලීක වටයේ සාකච්ඡාවක් ඉන්දීය ආයෝජකයන් පිරිසක් හා ධීවර අමාත්‍ය ඩග්ලස්
    දේවානන්දා මහතා අතරපසුගිය දින (28) ධීවර අමාත්‍යංශයේදි පැවැත්විනි.

    මෙහිදි අදහස් දැක්වු අමාත්‍යවරයා, කලාපයේ අසල්වැසි රටක් ලෙස අපරට වර්තමානයේ වැටී තිබෙන ආර්ථික අගාධයෙන් ගොඩ ඒමට සිදු කරනු ලබන අධාර හා උපකාර පිළිබඳ අගය කළ අතර මෙවැනි
    පසුබිමක නවීන තාක්ෂණය යොදවා තිරසාර ආර්ථික සංවර්ධනයක් ලබා ගැනීමට මුහුදු පැළෑටි වගාකිරීමට ඉන්දීය ආයෝජකයන්ගෙන් ලැබෙන සහය ඉතා ඉහළින් අගය කරන බවත්, ඒ අනුව මණ්ඩතිව් ඇතුලු උතුරේ අනෙකුත් ප්‍රදේශවලත් සුදුසු ඉඩම් හදුනාගෙන මෙම ව්‍යාපෘතිය දියත් කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදීමට ධීවර අමාත්‍යවරයා ලෙස තමන් කටයුතු කරන බවද පැවසීය.

     

    ඉන්දීය ආයෝජක පිරිසේ නියෝජිතයකු පවසා සිටියේ, ලංකාවේ උතුරු මුහුදේ මෙන්ම අනෙකුත් පළාත් වලද ජලජීවි වගාව හා ජලඡ පැළෑටි වගාව දියත්කිරීමට සුදුසු ස්ථාන තෝරා ගැනීමට සහය වන්නේනම් එමඟින් ධීවර කර්මාන්තය නගා සිටුවීමට හා ධීවර පවුල්වල ආර්ථිකය ඉහළ නැංවීමට අවශ්‍ය සහයෝගය ලබාදීමට කටයුතු කරන බවයි.

    ‍මෙම අවස්ථාවට ධීවර අමාත්‍යංශයේ ලේකම් ඉන්දු රත්නායක, රාජ්‍ය ලේකම් ජයන්ත චන්ද්‍රසෝම, ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අචාර්ය අශෝකා මහත්මිය ඇතුලු පිරිසක් සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya