මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැගෙනහිරට පත් වු හෙඳ හෙඳියන්ට ආණ්ඩුකාරවරිය පත්වීම් ලිපි බෙදයි

    අප්‍රේල් 07, 2022

    සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නැගෙනහිර පළාත් සභාවට නිදහස් කළ ජීව විද්‍යා ඉංජිනේරුවරුන්ට සහ හෙඳ හෙදියන්ට පත්වීම් ලිපි ප්‍රදානය නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් (06) පස්වරුවේ ත්‍රිකුණාමලය පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදි සිදු කෙරිණි.

    එහිදී හෙඳ හෙදියන් විසිපස්දෙනෙකු සහ ජීව විද්‍යා ඉංජිනේරුවරුන් දෙදෙනෙකු ආණ්ඩුකාරවරිය අතින් පත්වීම් ලැබූහ. එහිදි අදහස් දැක්වු ආණ්ඩුකාරවරිය කියා සිටියේ රටට සහ සමාජයට සේවයක් කිරීම සදහා සියළු දෙනා අදිටන් කර ගත යුතු බවයි.

    නිදහස් අධ්‍යාපනය නිසා අද හිමි වන මෙම පත්වීම රැකියාවක්ම පමණක් යැයි නොසිතන ලෙසද ආණ්ඩුකාරවරිය කීවාය. ලෝකයේ බොහෝ රටවල් වල අපේ රටේ තරම් නිදහස් අධ්‍යාපනයක් ලබා නොදෙන බවද ආණ්ඩුකාරවරිය මෙහිදී කියා සිටියාය. ජනතා මුදලින් අධ්‍යාපනය හදාරා පත්විම් ලැබු ඔබ තමා ළගට පැමිණෙන රෝගින්ට මවක් සහ පියෙකු ලෙසින් සලකා කටයුතු කරන්නැයිද ආණ්ඩුකාරවරිය අභිනවයෙන් පත්වීම් ලද හෙද හෙදියන් හමුවේ අවධාරණය කළාය.

    මේ අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් තුසිත පී.වනිගසිංහ, පළාත් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. මුරලිදරන්, පළාත් අධ්‍යාපන ලේකම් එච්.ඊ.එම්.ඩබ්.ජී.දිසානායක, පළාත් රාජ්‍ය සේවා කොමිසන් සභාවේ ලේකම් එම්.ගෝපාලරත්නම් සහ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක ඒ.ආර්.එම්.තවුෆික් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya