මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විනිසුරුවරුන් පුහුණුකිරීම සහ උසාවි වැඩි කිරීම සම්බන්ධයෙන් අදාළ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා

    පෙබරවාරි 10, 2022

    උසාවිවල නඩු ගොඩ ගැසී ඇති බවත් , එහෙත් විනිශ්චකරුවන් සිටින්නේ 330ක් පමණක් බවත්, බතික් හා අත්යන්ත්‍ර රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා (09) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    මේ සඳහා මැදිහත්වෙමින් අධිකරණ අමාත්‍යවරයා විසින් එම විනිසුරුවරුන් ප්‍රමාණය 400 දක්වා වැඩි කිරීමට පියවර ගෙන ඇති බවත්  පුහුණුකිරීම සහ උසාවි  වැඩි කිරීම සම්බන්ධයෙන් අදාළ ක්‍රියාමාර්ග ගෙන ඇතැයිද පැවසීය. අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත / අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සහ පුද්ගලනාශක බිම්බෝම්බ තහනම් කිරීම පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් කිහිපයක් දෙවන වර කියැවීමේ විවාදයට එක්වෙමින් දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    උසාවි වල නඩු භාණ්ඩ ගොඩ ගැසීම අද විශාල ගැටළුවක් වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් අදාළ නීති රීති සම්පාදනය කළ යුතු බව කීය. මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයාට මනා දැනුමක් ඇති බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා, අධිකරණය සම්බන්ධයෙන් ජනතාව විශ්වාසය කඩ වූ විට මිනිසුන් උසාවි වෙත නොයන බව පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya