මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    74වන ජාතික නිදහස් දිනයට සමගාමීව සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් සහ සංඝගත දක්ෂිණාවක්

    පෙබරවාරි 03, 2022

    74වන ජාතික නිදහස් දිනයට සමගාමීව පැවැත්වෙන සර්වරාත්‍රිකක පරිත්‍රාණ ධර්ම දේශනය ඊයේ(02) නිදහස් චතුරස්‍රයේ දී පැවැත් වුණි.

    මෙම අවස්ථාවට රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ද සහභාගී විය. නිදහස් දිනය නිමිත්තෙන් පැවැත්වූ සංඝගත දක්ෂිණාව පිළිගැන්වීම අද(03)  උදෑසන කොළඹ,හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී සිදු විය.

    74 වැනි නිදහස් දින සැමරුම් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට ( 04) උදෑසන නිදහස් චත්‍රරස්‍රයේදී ආරම්භ වේ. ''අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක්'' යන තේමාව මෙවර නිදහස් දින සමරුව පැවැත් වේ.

    නිදහස් චතුරස්‍රයේදී පැවැත්වෙන ප්‍රධාන උත්සවයට සමගාමීව අප රට නිදහස් කර ගැනීමට නායකත්වය දුන් ශ්‍රේෂ්ඨ නායකයින්ගේ පිළිරූ වෙත පුෂ්පෝපහාර දැක්වීම, රුක් රෝපණ වැඩසටහන් ඇතුළු වැඩසටහන් රැසක් දිවයින පුරා පැවැත් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya