මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය යාන්ත්‍රණය සමාජ මාධ්‍ය අවකාශයට හැකි වේගයෙන් ඇතුළ්වන්න - පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්

    නොවැම්බර් 25, 2021

    ඩිජිටල් අවකාශය හතුරෙක් කර නොගනිමින් රාජ්‍ය යාන්ත්‍රණය සමාජ මාධ්‍ය අවකාශයට හැකි වේගයෙන් ඇතුළ්වන්නැයි ඉල්ලා සිටින බව හිටපු ජනමාධ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා අද(25) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ අද (25) දින විවාදය ආරම්භ කරමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

    ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ රාජ්‍ය ආයතන රාජ්‍යට බරක් නොවී වැඩක් කරන පිළිවෙල පිළිබඳ පැහැදිළි ආකෘතියක් සකස් කර තිබු බවද  රාජ්‍ය ආයතන ලාභ ලබන අයතනය පද්ධිතියක් ලෙස 2015 රජයට භාර දුන් බවත්,එහෙත් 2019 වසරේ ඒම ආයතන පද්ධතිය කඩා වැටී තිබුණු බවද මන්ත්‍රීවරයා කිය. අයි ටී ඒන් ආයතනය, ජාතික රූපවාහිනිය රජයට ලාබාංශ ගෙවිය හැකි තත්වයට පත් කර තිබූ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.


    ගුවන් විදුලි සංස්ථාව සහ රූපවාහිනී සංස්ථාව ප්‍රධාන සංස්ථා දෙක trust Fund මගින් පාලනය වන ආයතයනයක් ලෙස පත් කිරීම සුදුසු බවත් මෙම ආයතනය කළමණාකරණය කරමින් ඉදිරියට ගෙන යාම ජනමාධය අමාත්‍යවරයා සතු අභියෝගයක් බව චරිත හේරත් මහතා සඳහන් කළේය.

    ස්වාධීන රූපවාහිනය සහ ලේක් හවුස් වෙනම ආයතන දෙකක් ලෙස ඉදිරියට ගෙන ආ යුතු බවත් ස්වාධීන රූපවාහිනියට ලාභ ලබමින් ඉදිරියට යාමේ හැකියාවක් ඇති බවත් ලේක් හවුස් ආයතනයට වෙනම කෙටුම්පතක් ඇති වැදගත් නීති සකස් කර ඇති ආයතයනයක් බවත් චරිත හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.

    ප්‍රවෘත්ති‌ දෙපාර්තමේන්තුව , තැපැල් දෙපාර්තමේන්තුව සහ මුද්‍රණ දෙපාර්තමේන්තුව යන දෙපාර්තමේන්තු තුන එක් ආකෘතියක් යටතේ ත්‍රිමාණ පරිපාලනයක් තුළට ගෙන ආ යුතු බවද පෙන්වා දුන්නේය.

    තවද පුවත්පත් මණ්ඩල පනත මේ අයුරින් තවදුරටත් නොතබා ඩිජිටන් අවකාශයත් සමග යාවත්කාළීන කළ යුතු බවත් ඩිජිටල් අවකාශය නියාමනය කිරීම සම්බන්ධයෙන් විශාල කතිකාවක් පවතින බැවින් ඒ සඳහා කටයුතු කළ යුතුව ඇත.

    තොරතුරු දැන ගැනීමේ පනත තවත් ශක්තිමත් කරන බවත් රූපවාහිනී ඩිජිටල්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවද කී චරිත හේරත් මන්ත්‍රීවරයා, එ සම්බන්ධයෙන්ද අවධානය යොමු කරන්නැයි ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් ද ඉල්ලා සිටියේය.

    මාධ්‍යවේදින්ගේ වරලත් ආයතනයක් සෑදීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කර ඇතැයි පෙන්වා දුන් මන්ත්‍රීවරයා ජනමාධ්‍යවේදය ''වරලත් ආයතනයක්'' තත්වයට ගෙන ඒම සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයාට සිය ස්තුතිය ප්‍රකාශ කළේය.

     

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya