මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල්වල ආරම්භ කර නොමැති සියලු ශ්‍රේණි ලබන සතියේ සිට ආරම්භ කළ හැකියි- අධ්‍යාපන අමාත්‍ය

    නොවැම්බර් 16, 2021

    රජයේ පාසල්වල මෙතෙක් ආරම්භ කර නොමැති සියලු ශ්‍රේණි ලබන සතියේ සිට ආරම්භ කළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශ කළේය.

    ඒ අනුව රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් හි 6-7-8-9 ශ්‍රේණි අධ්‍යයන කටයුතුල සෞඛ්‍ය නිර්දේශ අනුව 2021 නොවැම්බර් 22 සදුදා දින සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සමග බත්තරමුල්ලල ඉසුරුපායල අධ්‍යාපන අමාත්‍යාංශයේ දී 2021.11.16 දින පැවති සාකච්ඡාවේ දී තීරණය විය.

    covid19 තත්ත්වයත් සමග අධ්‍යයන කටයුතු නතර කළ පාසල් සෞඛ්‍ය නිර්දේශ මත අදියර හතරක් යටතේ නැවත ආරම්භ කිරීමට පියවර ගැනිණ. පළමු අදියර යටතේ සිසුන් 200 ට අඩු පාසල් හි ප‍්‍රාථමික ශ්‍රේණි දල දෙවන අදියර යටතේ සියළු පාසල් හි ප‍්‍රාථමික ශ්‍රේණි දල තෙවන අදියර යටතේ සියළු පාසල් හි සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ශ්‍රේණි ද ආරම්භ විය. සිව්වන අදියර යටතේ සියළු පාසල් හි 6-7-8-9 ශ්‍රේණි ලබන සඳුදා සිට ආරම්භ වේ.

    ඒ අනුව දිවයිනේ සියලු රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් හි අධ්‍යයන කටයුතු 2021 නොවැම්බර් 22 සදුදා සිට ආරම්භ කෙරෙනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya