මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්වැටි මිල සූත්‍රය ගැන සතුටුයි - ලබන වසරේ රජයට සිගරට් වලින් බිලියන 08ක් - දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති

    නොවැම්බර් 16, 2021

    දුම්වැටියක මිල තීරණය කිරීම සදහා ඉතාම විද්‍යාත්මකව සකස් කළ මිල සූත්‍රයක් හදුන්වාදීම ගැන සතුටට පත්වන බවත්, සිගරට් එකක මිල රුපියල් 05කින් ඉහළ දැමීමත් සමග ලබන වසරේ රජයට සිගරට් වලින් රුපියල් බිලියන 08ක මුදලක් බලාපොරොත්තු වන බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා සදහන් කළේය.

     

    ඔහු මේ බව පැවසුවේ, (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කොවිඩ් පිළිබද මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    මිල සූත්‍රය අනූව 2022 වසරේදී රුපියල් 05කින් එක සිගරට්ටුවක මිල ඉහළ යන අතර එය අයවැය යෝජනාවක් ලෙස පසුගියදා මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර මිල ඉහල දැමීමත් සමග මේ වන විට සිගරට්ටුවක් රුපියල් 70ක් පමණ වන බවද වෛද්‍යවරයා සිහිපත් කළේය.

    මෙලෙස සිගරට්ටුවකින් වැඩිවන රුපියල් 05 සෘජුවම රටේ බදු ආදායමට එකතු වන බවද, මින් සත පහක මුදලක් හෝ රටේ දුම්කොළ කර්මාන්තයට අයත් නොවන අතරම තවත් වසර 05කින් සිගරට්ටුවක මිල රුපියල් 100ට ආසන්න වන බවද ඔහු කියා සිටියේය.

    අද වන විට සිගරට් හේතුවෙන් දිනකට 60 දෙනෙකු අකාලයේ මිය යන අතර මිල සූත්‍රයේ බදු වැඩිවීමත් සමග 1.1%ක් දුම්වැටි විකිණීම අඩු වන බවද, පසුගිය වසරේ සිගරට් බිලියන 2.2ක් අලෙවි වී ඇති අතර මෙම රුපයල් පහේ මිල ඉහල යාමත් සමග 2022 වසරේදී මිලියන 25ක සිගරට් අලෙවි වීම අඩු වන බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

    මෙම මිලියන 25 යනු මාසෙකට දළ වශයෙන් මිලියන 03ක්ද, දිනකට සිගරට් 70,000ක්ද, පැයකට සිගරට් 3000ක්ද වශයෙන් සිගරට් අලෙවිය ඉවත් වන බවද, එක සිගරට්ටුවක් ඉරීම හේතුවෙන් මිනිසෙකුගේ ජීවිතය මිනිත්තු 11ක් දැවෙන බවද, මේ අනූව දිනකට සිගරට් 3000ක් නැවැත්වීමෙන් දින දෙකකට සැරයක් අවුරුදු 70ක් ජීවත් වන මනුෂ්‍යයෙකුගේ ජීවිතයක් බේරාගැනීම හා සමාන බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

    මෙය රුපියල් 05ක් වුවද සුළු කොට තැකිය නොහැකි ඉතා වටිනා කර්තව්‍යයක් බව අවධාරණය කළ විශේෂඥ වෛද්‍යවරයා 2022 වසරේදී සිගරට් බීම නිසා අකාලයේ මියයන මිනිසුන් 180 දෙනෙකු බේරාගත හැකි යැයිද සදහන් කළේය. මෙලෙස මිය යන්නේ රටට වැඩදායී ශ්‍රම හමුදාවේ මිනිසුන් බවද, මෙම මිල ඉහළ යාම ඉතාම වැදගත් අවස්ථාවක් බව කියා සිටියේය.

    සිගරට් වල මිල ඉහල ගියේ වසර 03කට පසුව බවත්, මධ්‍යසාර වල 2019න් පසු එනම් වසර 02කට පසු මිල ඉහළ ගිය බවත් සදහන් කළ වෛද්‍යවරයා ඒ අනූව ලංකාවේ වැඩිපුරම විකිණෙන ගල් අරක්කු වලට ලීටරයකට රුපියල් 420ක් පමණද,වැඩිපුරම විකිණෙන බියර් වර්ගය වන 5% - 8.8%ත් සහිත බියර් සදහා රුපියල් 250ක බදු මුදලක්ද අය කළ බව පැවසුවේය.

    එය ඉතාම වැදගත් වන බවද, එම මුදල් සියල්ලම රජයේ සෘජු ආදායමක් වශයෙන් ශ්‍රී ලංකා රජයට ලබන වසරේ ලැබෙන බවද ඒ අනූව රජයට සමස්ථයක් ලෙස මත් වතුරෙන් රුපියල් බිලියන 25ක ආදායමක් බලාපොරොත්තු වන බවද කියා සිටියේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya