මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රිකුණාමලයේ සංවර්ධනය ව්‍යාපෘති,සංවර්ධන සම්බන්ධිකරණ හා අධීක්ෂණ අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට

    සැප්තැම්බර් 25, 2021

    සංවර්ධන සම්බන්ධිකරණ හා අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සංවර්ධන ව්‍යාපෘති රැසක් නිරීක්ෂණය සඳහා (22) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සංචාරයකට එක් විය.

    එහිදී අමාත්‍යවරයා විසින් නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කළ අතර කෙරෙමින් පවතින සංවර්ධන ව්‍යාපෘති රැසක ප්‍රගතිය සොයා බැලීම සඳහාද එක් විය.
    අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ මඟපෙන්වීම යටතේ මහාමාර්ග අමාත්‍යංශය යටතේ ඉදිවන කි. මී. 32ක් දිගින් යුත් තිරියාය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

    අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ගේ මඟපෙන්වීම යටතේ වාරිමාර්ග අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක මොරවැව සංවර්ධන ව්‍යාපෘතිය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ගේ නිරීක්ෂණයට ලක්වූ අතර රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතාගේ අධීක්ෂණය ‍යටතේ ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය හරහා ඉදිකළ ගල්කඩවල සීලරත්න දිවා රාත්‍රී වොලිබෝල් ක්‍රීඩාංගනය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.

    රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ අධීක්ෂණය ‍යටතේ ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හරහා කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නාවත්චෝලි ගම්මානයේ ඉදිවන නව නිවාස ව්‍යාපෘතිය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ගේ නිරීක්ෂණයට ලක්විය.

    ත්‍රිකුණාමලය නාවික තටාංගන පරිශ්‍රයේ ඉදිවන Dockyard Quay ජැටිය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ගේ නිරීක්ෂණයට ලක්වූ අතර ගරු

    රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතාගේ අධීක්ෂණය යටතේ ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය හරහා සංවර්ධන කළ වෙල්ලමනල් වොලිබෝල් ක්‍රීඩාංගනය, සේරුනුවර දිවා රාත්‍රී අත්පන්දු ක්‍රීඩාංගනය, කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නාවත් චොලෛ ගම්මානයේ ඉදිකළ දිවා රාත්‍රී වොලිබෝල් ක්‍රීඩාංගනය, සේරුවිල දිවා රාත්‍රී අත්පන්දු ක්‍රීඩාංගනය සහ කන්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ලීලාරත්න වොලිබෝල් ක්‍රීඩාංගනය, අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කරන ලදී.

    එමෙන්ම කන්තලේ අග්‍රබෝධි ජාතික පාසල් ක්‍රීඩාංගනය සහ ක්‍රීඩා පහසුකම්  අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ගේ නිරීක්ෂණයට ලක්විය. සේරුවිල ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානයද ගරු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සේරුවිල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදුවිය.

    එමෙන්ම කන්තලේ ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය ගරු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් කන්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී
    දී සිදුවිය.

    මෙම අවස්ථා සඳහා රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරළ යන මහත්වරුන් ද, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් ද එක්ව සිටියහ.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya