මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් අඩක් අඩුකිරීමට කිසිඳු තීරණයක් නෑ- අමාත්‍ය බන්දුල ගුණවර්ධන

    අගෝස්තු 21, 2021

    රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් අඩක් අඩුකිරීමට කිසිඳු තීරණයකට පැමිණ නොමැති බවත්,රාජ්‍ය සේවකයා අපහසුතාවට පත් කිරීමට රජය එවැනි තීරණ නොගන්නා බවත්, වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අගොස්තු 21දා (අද) පැවති මාධ්‍ය හමුවේදී රාජ්‍ය සේවකයන්ගේ වැටුප අඩක් අඩුකිරීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමක දී අමාත්‍යවරයා මේ බව පැවසීය.

    එහෙත් ජාතියක් ලෙස දුෂ්කරතාවයට මුහුණ දෙන අවස්ථාවලදී ඉතිහාසය පුරා රටේ ජනතාවට කැපකිරීම් කිරීමට සිදුව ඇති බවත්, මෙම අර්බුදකාරී අවස්ථාවේ දී සෑම පුද්ගලයකුගෙන්ම පරිත්‍යාග රටක් ලෙස දේශීය හා විදේශීයව තමන් බලාපොරොත්තු වන බවත්  අමාත්‍යවරයා පැවසීය.

    මේ මොහොතේ දී රජයේ සේවකයන්ගේ වැටුප යම් ප්‍රමාණයක් යොදාගෙන රට අගුලු දැමීම හේතුවෙන් අසරණභාවයට පත්වී සිටින ජනතාව වෙනුවෙන් සරණක් විය හැකි යැයි යෝජනාවක් පමණක් ඉදිරිපත් වී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya