මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුරු විදුහල්පති ගැටළුව විසඳීමේ අවංක වුවමනාවක් රජයට තිබෙනවා - අධ්‍යාපන ඇමති

    අගෝස්තු 03, 2021

    සමස්ත රාජ්‍ය සේවය ගැන සිතා එළඹෙන අයවැයේ දී  ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට සුදුසු පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

    අද (03) පාර්ලිමේන්තුවේ දී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

    ගුරු විදුහල්පති වැටුප් ගැටළුව දීර්ගකාලීන ගැටළුවක් බවත් මේ අවස්ථාවේ සමාන්තර සේවා ගැන සිතා කටයුතු කළ යුතු බවද පෙන්වා දුන් අමාත්‍යවරයා,සමස්ත රාජ්‍ය සේවය ගැනම සිතා එළඹෙන අයවැයේදී වැටුප් විෂමතා ඉවත් කිරීමට සුදුසු පියවර ගන්නා බවද කීය.

    ගුරු විදුහල්පති ගැටළුව විසඳීම සම්බන්ධයෙන් අවංක වුවමනාවක් රජය සතු බව පැවසූ අමාත්‍යවරයා, ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලයද ගුරුවරුන්ගේ වැටුප් ඉහළ නැංවිම සම්බන්ධයෙන් සාකච්ඡා වූ බව පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya