මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන අරමුණු දර්ශක අංක 16 ගැන සාකච්ඡාවක්- තිරසර සංවර්ධනය සඳහා ඒකාබද්ධ ප්‍රවේශයක්

    ජූලි 01, 2021

    එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන අරමුණු දර්ශක අංක 16 ‘’සාමය යුක්තිය හා ශක්තිමත් ආයතන’’ යටතේ ‘’තිරසර සංවර්ධනය සඳහා සාමකාමී සහ පරිපුර්ණ සමාජයක් ඇති කිරීම යුක්තිය සඳහා සැමට අවස්ථාව ලබාදීම සහ සෑම මට්ටමකම ඵලදායී වගකීම් සහිත පරිපුර්ණ ආයතන ශ්‍රී ලංකාව තුළ ගොඩනැගීමේ’’ අරමුණු කරා ගමන් කිරීමට අධිකරණ අමාත්‍යාංශය හා තිරසර සංවර්ධන සභාවේ මුලිකත්වයෙන් (30) දින අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ මුලිකත්වයෙන් සාකච්ඡාවක් පවත් වන ලදී.

    ‘’සාමය යුක්තිය හා ශක්තිමත් ආයතන’’ යන සංකල්පයේදී තිරසර සංවර්ධන නිර්ණායකයන් සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් අධිකරණ ක්ෂේත්‍රයට අදාළ ඉදිරි වැඩ සටහන් සම්පාදනය කිරීම, ඒ සඳහා යාන්ත්‍රණයක් සැකසීම හා සම්බන්ධිකරණය කිරීම, තිරසර සංවර්ධනය සඳහා ඒකාබද්ධ ප්‍රවේශයක් ලබා ගැනීමටත් අවශ්‍ය නීති රීති සම්පාදනය කිරීම හා පවතින නීති සංශෝධනය කිරීමට අදාළ කටයුතු සිදු කිරීමේ ආරම්භයක් ලබා ගැනීමටත් මෙහිදී තීරණය කෙරණි.

    මෙම අවස්ථාව සදහා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නෙ මහතා , තිරසර සංවර්ධන සභාවේ අධ්‍යක්ෂක ජනරාල් චමින්ද්‍රි සපරමාදු මහත්මිය ඇතුළු විවිධ රාජ්‍ය ආයතනවල නිලධාරී මහත්ම මහත්මීන් සහභාගි විය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya