මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලුම විශ්වවිද්‍යාල සිසුන් ඇතුලු අධ්‍යයන හා අනධ්‍යයන කාර්යයමණ්ඩල එන්නත්කරණය පිළිබඳ අවධානය

    ජූනි 30, 2021

    දිවයිනේ සියලු ම විශ්වවිද්‍යාල සිසුන් එන්නත්කරණයට ලක්කරන මෙන් උපකුලපතිවරුන් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් සිදුකළ අතර විශ්වවිද්‍යාල අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යමණ්ඩලය ඇතුලු සියලු ම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එන්නත් ලබා දීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස ත් ඒ අනුව වෛද්‍ය නිර්දේශ මත, ඉක්මනින් විශ්වවිද්‍යාල ආරම්භ කරන ලෙසත් විශ්වවිද්‍යාල උපකුලපතිවරු අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ.

    උපකුලපතිවරුන් විසින් මෙම ඉල්ලීම කරනු ලැබූයේ, පවතින කොවිඩ් 19 වසංගතය හමුවේ විශ්වවිද්‍යාලවල මාර්ගගත ක්‍රමය යටතේ සිදුකරන අධ්‍යයන කටයුතුවල ප්‍රගතිය සහ අනෙකුත් පරිපාලනමය කටයුතු පිළිබඳවත් ඒ සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවත් සොයා බැලීම සඳහා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවේ දී ය.

    ඒ අනුව විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් දැනට ක්‍රියාත්මක මාර්ගගත අධ්‍යාපන ක්‍රමයේ පවතින ගැටලු පිළිබඳවත්, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත විභාග කටයුතු සෞඛ්‍යාරක්ෂිතව සිදු කළයුතු ආකාරය පිළිබඳවත්, මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

    මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සහ බස්නාහිර පලාතේ විශ්වවිද්‍යාලවල උපකුලපතිවරු සහභාගී වූ අතර අනෙක් පලාත්වල විශ්වවිද්‍යාල උපකුලපතිවරු මෙම සාකච්ඡාවට මාර්ගගත ක්‍රමය හරහා ද සම්බන්ධ විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya