මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ දිස්ත්‍රික් රෝහලේ කොවිඩ් දැඩි සත්කාර ඒකකය විවෘත කෙරේ

    ජූනි 29, 2021

    ගම්පහ දිස්ත්‍රික් රෝහලේ කොවිඩ් දැඩි සත්කාර ඒකකය විවෘත කෙරේ.

    ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් පද්ධතියට එක් වු දෙවන කොවිඩ් දැඩි සත්කාර ඒකකය වන මෙය ඇදන් 07 කින් හා සුත්‍රිකා ගාර පහසුකම් ද සහිත ශල්‍යාගාරයකින් ද සමන්විතයි.

    ගම්පහ රෝහලේ මෙම කොවිඩ් දැඩි සත්කාර ඒකකය විවෘත කෙරුණේ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙනි. ගම්පහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතා කියා සිටියේ රජය මැදිහත්වීමෙන් සහ දානපතීන්ගේ ආධාරයෙන් මේ වන විට ගම්පහ රෝහල කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කළ හැකි දිවයිනේ ප්‍රධාන රෝහලක් බවට පත්ව ඇති බවයි. ඉදිරියේ දි මතුවන ඕනෑම තත්ත්වයකට මුහුණ දිය හැකි පරිදි ගම්පහ රෝහලේ පහසුකම් තවදුරටත් පුළුල් කරන බවට රෝහල් අධ්‍යක්ෂකවරයා මෙහි දී කියා සිටියේය.

    මෙහි දී අදහස් දැක්වු සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම රෝහල් වල සෞඛ්‍ය පහසුකම් පුළුල් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි. ප්‍රාථමික
    වෛද්‍ය සත්කාර ඒකක 45 ක්, ප්‍රා දේශීය රෝහල් 09 ක්, මූලික රෝහල් 04 ක් සහ එක් දිස්ත්‍රික් රෝහලක් පවතින බවත් මේ සියළුම වෛද්‍ය සත්කාර ඒකක හා රෝහල්වල ඔක්සිජන් පහසුකම ඇතුළු සියලු සෞඛ්‍ය පහසුකම් පුළුල් කර ඇති බවත් ඇමතිවරයා මෙහි දී කීවේය.

    ගම්පහ දිස්ත්‍රික්කයෙන් මේ වන විට වාර්තා වී ඇති කොවිඩ් රෝගින් සංඛ්‍යාව 50,000කට ආසන්නය. කොවිඩ් රෝගින්ට ප්‍රතිකාර කිරීම සදහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 04 ක් ස්ථාපනය කර තිබේ. කටුනායක, සීදුව, දොම්පේ, වැරැල්ලවත්ත එම මධ්‍යස්ථානයි. ඉදිරියේ දී බියගම නිදහස් වෙළද කළාපය ආශ්‍රිතව ද කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට ආයෝජන මණ්ඩලය කටයුතු කරමින් සිටින බව ද ඇමතිවරයා කීවේය.

    ඡායාරූපයෙන් දැක්වෙන්නේ ගම්පහ රෝහලේ කොවිඩ් දැඩි සත්කාර ඒකකය විවෘත කිරීමෙන් අනතුරුව ඇමතිවරාය එහි නිරීක්ෂණය කටයුතු වල නිරත වූ ආකාරයයි. මෙම අවස්ථාව සදහා ගම්පහ පුරපති එරංග සේනානායක, ගම්පහ ප්‍රා දේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නියෝජිතයින්, වෛද්‍යවරු, හෙද කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya