මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ බුර්කාව සහ නිකාබය පැළඳීම තහනම් කිරීමේ යෝජනාවක් ගැන රජය තීරණයක් ගෙන නෑ- විදේශ කටයුතු ලේකම්

    මාර්තු 17, 2021

    ශ්‍රී ලංකාවේ බුර්කාව සහ නිකාබය පැළඳීම තහනම් කිරීමේ යෝජනාවක් ගැන රජය තීරණයක් ගෙන නෑ- විදේශ කටයුතු ලේකම්

     

    මාධ්‍ය ප්‍රකාශය

    ශ්‍රී ලංකාවේ බුර්කාව සහ නිකාබය පැළඳීම තහනම් කිරීමේ යෝජනාවක් සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශ පිළිබඳව මෑත කාලීන මාධ්‍ය වාර්තා මගින් ඉස්මතු කර තිබේ.

    විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසා ඇත්තේ එවැනි තහනමක් පැනවීම සඳහා රජය තීරණයක් ගෙන නොමැති බවත්, එය හුදෙක් යෝජනාවක් පමණක් වන අතර, එය දැනට සාකච්ඡාවට භාජනය වෙමින් පවතින බවත්ය. පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරයන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ (PCoI) විමර්ෂණයන්ට අනුව, ජාතික ආරක්ෂක හේතුන් මත අවශ්‍ය වන පූර්වාරක්ෂාව, මෙම යෝජනාව සඳහා පදනම් වී තිබේ.

    රජය විසින් අදාළ සියලු පාර්වශ්වයන් සමඟ පුළුල් සංවාදයක් ආරම්භ කරනු ඇති අතර, අවශ්‍ය උපදේශන පැවැත්වීම සහ එකඟතාවකට පැමිණීම සඳහා ප්‍රමාණවත් කාලයක් වැය කරනු ඇත.

    විදේශ අමාත්‍යාංශය

    කොළඹ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya