මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගොවි බිමටම ගොස් වී මිලදී ගැනීමේ ජාතික ක්‍රියාන්විතයක් මාර්තු 08 සිට අප්‍රේල් 07 දක්වා ක්‍රියාත්මක කෙරේ- කෘෂිකර්ම අමාත්‍යාංශය

    මාර්තු 04, 2021

    රජයට  වී සංචිතයක් පවත්වා ගැනීමට තරඟකාරි මිලට වී මිලදී ගැනීමේ ජාතික ක්‍රියාන්විතය තවත් ශක්තිමත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා උපදෙස් ලබා දී තිබෙන අතර ඒ අනුව 2021 මාර්තු 08 වන දා සිට 2021 අප්‍රේල් 7වන දා දක්වා මසක් තුළ වී මෙට්‍රික්ටොන් ලක්ෂ දෙකක් ගොවිබිමටම ගොස් මිලදී ගැනීමට අපේක්ෂිතයි.

    අනුරාධපුරය, මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, හම්බන්තොට, කුරුණෑගල යන දිස්ත්‍රික් 6ට මෙහිදී ප්‍රමුඛත්වය ලබා දී ඇති අතර වී අලෙවි මණ්ඩලයේ ප්‍රදේශීය කළමනාකරුවන් 6ක්, සහකාර ප්‍රදේශීය කළමනාකරුවන් 60ක් සහ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් 300ක් මෙම ක්‍රියාන්විතයට එක්වනු ඇත.

    මේ සඳහා ලොරි රථ 60ක් යොදාගෙන දෛනිකව වී මෙට්‍රික්ටොන් 6000ක් ගොවියාගෙන් තරඟකාරී මිලට මිලදී ගැනීම සැලසුම් යොදා තිබේ.

    තෙත වී මිලදී ගැනීමටත් ඒ මොහොතේම ගොවියාගේ අතට මුදල් ගෙවීමටත් පියවර ගන්නා ලෙස අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා උපදෙස් ලබා දී ඇත. වී මිලදී ගැනීමේ ජාතික ක්‍රියාන්විතය ට සම්බන්ධ ඒ ඒ ආයතන ප්‍රධානීන් කෘෂිකර්ම අමාත්‍යාංශයට කැඳවා අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදීම සිදුකළ අතර මුදලාලිගේ සල්ලි වලට සහල් හා වී මාෆියාව එල්ල කරන තර්ජන අභියෝග ලෙස සලකමින් කෝටි 2කට වැඩි ජනතාවට සාධාරණ මිලට හාල් ලබා දීමට මෙම වැඩපිළිවෙල සාර්ථකව සිදුකරන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී උපදෙස් දී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya