මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “මිහිඳු නිවහන ජාතික නිවාස වැඩසටහනේ” ව්‍යාපෘති වාර්තාව මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරු වෙත පිළිගැන්වෙති

    ජනවාරි 13, 2021

    බුදු සසුණට දරුවන් දායාද කළ මව්පියන් වෙනුවෙන් නිවාස ඉදිකර දීමේ “මිහිඳු නිවහන ජාතික නිවාස වැඩසටහනේ” ව්‍යාපෘති වාර්තාව මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරු
    පිළිගැන්වීම, ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවර්ධන  රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා අතින් (12) දින මහනුවර මල්වතු සහ අස්ගිරි විහාරස්ථාන වලදී සිදු කෙරිණි.

    අමාත්‍යවරයා ප්‍රථමයෙන් අස්ගිරි මහා විහාරයට පැමිණ ශ්‍යාමෝපාලි වංශක මහනිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ ප්‍රධාන ලේඛකාධිකාරී අතිපූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමි බැහැදැක ආශිර්වාද ලබාගෙන මෙම නිවාස වැඩසටහන පිළිබඳ දැනුවත් කොට එහි ව්‍යාපෘති වාර්තාව උන්වහන්සේට පිළිගන්වනු ලැබීය.

    අනතුරුව මල්වතු මහා විහාරයට පැමිණි අමාත්‍යවරයා ශ්‍යාමෝපාලි වංශක මහනිකායේ මල්වතු විහාර පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාමිහියන් බැහැදැක ආශිර්වාද ලබාගෙන මෙම නිවාස ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කරන ලදී.
    අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්ණ වලට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා “ ආණ්ඩුවක් බිහිවූ පසු රටක පවතින දුර්වලම විපක්ෂ නායකවරයා සහ දුර්වලම විපක්ෂය අද අපේ රටේ තියෙන්නේ.‍ විපක්ෂ නායකවරයා පසුගිය කාලයේ තම ප්‍රතිරූපය ගොඩනගා ගැනීම සඳහා විශාල ප්‍රචාරයක් ගෙන ගියත් රටට වැඩක් කලේ නෑ. පසුගිය රජය සමයේ නිවාස අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ආයතන බංකොලොත් කළ නායකයෙක්.

    එතුමා අද කරන්නෙත් විපක්ෂය බංකොලොත් කරන එක. . විපක්ෂයේ මෙම ගැටළුව ඒ අය විසින් විසඳ ගන්නේ නැතුව විපක්ෂයේ කාර්යය භාර්ය නිවරිදිව ඉටු කරන්න බැහැ.
    MCC වලට පෙළ ගැසෙමු, ජැටියට පෙළ ගැසෙමු කියා බෝඩ් ටිකක් එල්ලගෙන සිටියට එම බෝඩ් ප්‍රමාණයට වත් ජනතාව ගෙන්වීමට ජනතා විමුක්ති පෙරමුණට අද නොහැකිවෙලා. 3% තිබුණු ජනමතය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 2 කට වැටුණු පසු අනුර කුමාර දිසානායකට වෙන කළ හැකි දෙයක් නැහැ. මම දකින්නේ ජනතා විමුක්ති පෙරමුණ යනු තැරුව්කාර පක්ෂයක්. බෝකර් කෙනෙක් විදියට. එයාලා කරන්නේ කාගේ හරි කොන්ත්‍රාත්තුවක් ඉටුකරන එක. ”
    පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමිගේ සංකල්පයක් මත අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සහ අතිගරු අග්‍රාමාත්‍ය සහ නිවාස විෂයභාර අමාත්‍ය මහින්ද රාජපක්ෂ
    මැතිතුමාගේ උපදෙස් පරිදි ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසින් “මිහිඳු නිවහන ව්‍යාපෘතිය” ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය මඟින් බුදු සසුණට දරුවන් පූජාකල නිවාස නොමැති දෙමව්පියන් සඳහා නිවාස ඉදිකර දෙනු ලබන අතර ඒ යටතේ පලමු වසර තුල නිවාස 2000 ක් ඉදිකිරීම සඳහා එක් නිවසක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 6 බැගින් මෙවර අයවැයෙන් මුදල් වෙන්කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය

    මෙම අවස්ථාවට කැලණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි ඇතුළු මහා සංඝරත්නය වැඩම කළ අතර ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කීර්ති රංජිත් අබේගුණවර්ධන මහතා, ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිලුම් රත්නායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ඊට සහභාගී වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya