මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශිය නිෂ්පාදන, කර්මාන්ත වැඩි දියුණු කිරීමේ පුර්ව සංවර්ධන කමිටුව රැස්වෙයි

    ජනවාරි 07, 2021

    දේශිය නිෂ්පාදන, කර්මාන්තවැඩි දියුණු කිරීමේ පුර්ව සංවර්ධන කමිටුව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස් වූවාය

    ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහන යටතේ ලබන 09වෙනිදා ත්‍රිකුණාමලයේදි පැවැත්වෙන වැඩසටහනට සමගාමීව දේශිය නිෂ්පාදන, කර්මාන්ත වැඩි දියුණු කිරීමේ පුර්ව සංවර්ධන කමිටුව (06) පෙරවරුවේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස් වූවාය.

    එහිදි ලබන 9වෙනිදා පැවැත්වෙන සංවර්ධන කමිටුවේදි සාකච්ඡා කිරීමට නියමිත කරුණු පිළිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.

    ධීවර, සත්ව නිෂ්පාදන, කර්මාන්ත, දේශිය අගලුම් සහ පොල් තල් ආශ්‍රිත නිෂ්පාදන නගා සිටුවීමට අදාළ යෝජනා කෙරෙහි මෙහිදි වැඩි අවධානයක් යොමු විය. ඉහත ක්ෂේත්‍ර වලට අදාළ යෝජනා 9වෙනිදා පැවැත්වෙන දේශිය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරීමේ සංවර්ධන කමිටුවට ඉදිරිපත් කිරීමටද යෝජනා වූහ.

    මේ අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් තුසිත පී. වනිගසිංහ, ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල ආණ්ඩුකාර ලේකම් එල්.පී. මදනායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya