මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර දිස්ත්‍රික්කයේ අඛණ්ඩ වැසි තත්ත්වයක්- මහනුවර සිට මාතලේට ගමන් කිරීමේ දී වත්තේගම හරහා විකල්ප මාර්ගය භාවිතා කරන්න- ප්‍රදීප් කොඩිප්පිලි

    ජනවාරි 06, 2021

    මහනුවර දිස්ත්‍රික්කයේ අඛණ්ඩ වැසි තත්ත්වයක් වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

    කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට අනුව තවදුරටත් වැසි සහිත කාලගුණ තත්ත්වය බලාපොරොත්තු විය හැකිය. මේ පිළිබඳව සැළකිලිමත් වීම විශේෂයෙන් වැදගත් වෙනවා.

    මහනුවර සිට මාතලේ දක්වා මාර්ගයේ අකුරණ ප්‍රදේශය ජලයෙන් යටවෙමින් පවතිනවා. මහනුවර සිට මාතලේට ගමන් කිරීමේ දී වත්තේගම හරහා විකල්ප මාර්ගය භාවිතා කිරීම ඉතාම
    වැදගත් මේ අවස්ථවේ දී. කඳුකර ප්‍රදේශයේ සිටින ජනතාව නාය යෑම් ලක්ෂණ කෙරෙහි අවධානයෙන් පසුවෙන්න.117 දුරකතන අංකය අඛණ්ඩව විවෘතව පවතින බවද ප්‍රදීප්කොඩිප්පිලි මහතා
    සඳහන් කළේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya