මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ වරායේ නැගෙනහිර සහ බටහිර බහාලුම් සංවර්ධනය කිරීමට වත්මන් රජය කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා

    ජනවාරි 06, 2021

    කොළඹ වරායේ නැගෙනහිර සහ බටහිර බහාලුම් සංවර්ධනය කිරීම සඳහා වත්මන් රජය කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ අයිතිය හෝ අයිතියේ කොටසක් කිසිදු විදේශීය සමාගමකට පැවරීමට තීරණය කර නොමැති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (06) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    තමා ජනාධිපතිවරයාව සිටි 2005-2015 දක්වා කාලයේදී බහාලුම් ලක්ෂ 72ක් පමණ ක්‍රියාත්මක කළ හැකි කොළඹ දකුණු වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. සංවර්ධනය සඳහා ඉතා වැදගත් ස්ථානයක් වන කොළඹ වරාය නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් පසුගිය රජය ගිවිසුම් කිහිපයකට එළඹ ඇති බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya