මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචාරක ව්‍යාපාරයේ නියැලූවන් යළි නැගිටුවීමට නම් සංචාරක ව්‍යාපාරය යළි නගා සිටුවිය යුතුයි-අමාත්‍ය ප්‍රසන්න රණතුංග

    ජනවාරි 05, 2021

    සංචාරක ව්‍යාපාරයේ නියැලූවන් යළි නැගිටුවීමට නම් සංචාරක ව්‍යාපාරය යළි නගා සිටුවිය යුතු බවත් ඒ වෙනුවෙන් ඉලක්ක කර ගනිමින් එළැඹෙන ජනවාරි 21 සිට ගුවන්තොටුපොළ සංචාරකයින්ට විවෘත කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද(05) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

    සාප්පු සහ කාර්යාලීය සේවකයන් පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත ඇතුලු සංශෝධන පනත් කෙටුම්පත් 04 ක් පිළිබඳව අද පාර්ලිමේන්තු විවාදයට සහභාගී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    මෙරට ජනතාවගෙන් ලක්ෂ 03ක පමණ පිරිසක් සෘජුවම හෝ වක්‍රව සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධ බව පෙන්වා දුන් අමාත්‍යවරයා පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා මෙරටට කිසිදු සංචාරකයෙක් නොපැමිණි බව සඳහන් කළේය.

    සංචාරකයින් මෙරටට ගේනවීම සඳහා ඇරඹූ නියමු ව්‍යාපෘතියට අද බොහෝ පුද්ගලයින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ චෝදනා එල්ල කරන බවත් සංචාරක ව්‍යාපාරය 99%යැපෙන්නේ පෞද්ගලික ව්‍යාපාරිකයන් මත බව සඳහන් කළේය. උදයන්ග වීරතුංග පමණක් නොව ඕනෑම පුද්ගලයෙකුට මෙරටට සංචාරකයින් ගෙන්වීම සඳහා මැදිහත් විය හැකි බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    යුක්රේනයෙන් පැමිණෙන ලද සංචාරක අතරින් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වුවද මෙම සංචාරක කණ්ඩායම කිසිදු අයුරකින් මෙරට ජනතාව සමග සම්බන්ධ වීමක් සිදු නොවේ. ජූනි මාසය වන විට සංචාරක ව්‍යාපරය ආරම්භ කිරීමේ වැඩපිළිවෙළ සකස් කර ඇති බවත් වීසා ලබා දීමේදී , විදෙස් ආයෝජකයින් මෙරටට පැමිණීමේදී දැඩි සීමා පැනවිය නොහැකි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ජෛව ආරක්ෂිත බුබුල (Bio bubble) ක්‍රමවේදය යටතේ සංචාරකයින් හා ගැටෙන පුද්ගලයින් ජෛව ආරක්ෂිත බුබුල තුළ සිටිය බවත් ඔවුන් නිවෙස් බලා යෑම ක් සිදු නොවන බවත් පෙන්වා දුන්නේය. නියමු ව්‍යාපෘතියක් බැවින් මෙම ව්‍යාපෘතියේ අඩුපාඩු සිදු විය හැකි බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    රට විරුවන් වෙනුවෙන් රජය පෙනී සිටින බව තමා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව පැවසූ අමාත්‍යවරයා ලියාපදිංචි වූ සියලුම ශ්‍රමිකයින් ක්‍රමානුකූලව මෙරටට ගෙන්වීමට කටයුතු කරන බවද කීය.

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya