මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තිරසාර සංවර්ධන ඉලක්ක (SDG)සපුරා ගැනීම සඳහා මෙහෙයුම් කමිටුවක්

    ජනවාරි 05, 2021

    තිරසාර සංවර්ධන ඉලක්ක (SDG) සපුරාගැනීම සඳහා මෙහෙයුම් කමිටුවක් පත්කිරීමට අග්‍රාමාත්‍යතුමා සහ විදේශ අමාත්‍ය දිනේෂ් ග්‍රණවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත.

    2015 සැප්තැම්බර් මාසයේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී ශ්‍රී ලංකාව ද ඇතුළුව රටවල් 193ක් විසින් අනුමත කරගත් තිරසාර සංවර්ධනය 2030 න්‍යාය පත්‍රයට සමගාමීව මෙරට තුළ තිරසාර සංවර්ධන ඉලක්ක සපුරාගැනීම සඳහා ඇති අභියෝග හඳුනාගැනීම සහ අධ්‍යයනය කිරීම සඳහා අග්‍රාමාත්‍යතුමාගේ එකඟත්වය මත පත්කළ ක්‍රියාකාරී කමිටුවේ නිර්දේශය මත මෙම මෙහෙයුම් කමිටුව පත් කරන ලදී.

    තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා ඉහළ දේශපාලන නායකත්වයක් පැවතීමේ අවශ්‍යතාවය අග්‍රාමාත්‍ය තුමන් විසින් පත්කළ ක්‍රියාකාරී කමිටුවේ නිර්දේශය විය. ඒ අනුව මෙම නව මෙහෙයුම් කමිටුව පත් කර ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya