මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ණය උගුලේ සිර වූවන්ගෙන් 93%ක් වූ කාන්තාවන් ඇතුළු සියල්ලන්ට සමෘද්ධි බැංකු මගින් සහන - අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

    ජනවාරි 04, 2021

    ජනාධිපතිවරණයට පෙර ග්‍රාමීය දිළිඳු ජනතාව රජයෙන් ඉල්ලා සිටි පරිදි ඔවුන් සිරවී සිටින ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය විසඳීම සදහා රජය මැදිහත් වීමට ආරම්භ කර ඇතැයි සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

    ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ක්‍රියාකාරකම් නියාමනය කිරීම සඳහා වන නීති රීති ශක්තිමත් කරන අතරතුර ග්‍රාමීය දිළිඳු ජනතාව ඔවුන්ගේ උගුලේ සිරවීම වැළැක්වීම සඳහා දැනුම්වත් කිරීමට රජය පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.


    ෂෙහාන් සේමසිංහ මහතා බව කියා සිටියේ ග්‍රාමීය ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා වන දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාව ආරම්භ කරමිනි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමෘද්ධි බැංකු 54 මගින් නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම වැඩසටහන ආරම්භ වූ අතර සාලියපුර, මිහින්තලේ සහ තිරප්පනේ යන සමෘද්ධි බැංකු මගින් ආරම්භ කළ දැනුම්වත් කිරීමේ වැඩසටහන් සඳහා රාජ්‍ය අමාත්‍යවරයා  සහභාගී විය.


    රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගේ උපදෙස් පරිදි සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවනු ලබයි.

    මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන යටතේ මුදල් කළමනාකරණය, ණය ලබා ගැනීම සඳහා සුදුසු ආයතන මොනව ද?, ණය මුදලක සැබෑ පොලිය හඳුනා ගන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සරල ලෙස ජනතාව දැනුම්වත් කිරීම සිදු කෙරිණි. එහි දී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.

     

    “අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් මත අපි ජනාධිපතිවරණයට කලින් ඔබ සමග සාකච්ඡා කරල ඔබ මුහුණ දෙන ගැටලු ඇතුළත් කරල ප්‍රතිපත්ති ප්‍රකාශයක් සකස් කළා. එහි තිබුණ මේ ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදයට ජනතාව මුහුණ දෙන්නෙ කොහොම ද කියන කාරණාව. මේ ජනතාව දන්නවා, නිලධාරීන් දන්නව මේ ක්ෂුද්‍ර මූල්‍ය උගුලට හසුවුණ අය කී දෙනෙක් ගමේ ඉන්නව ද කියල. ඒකෙන් 93%ක් ඉන්නෙ කාන්තාවන්. ඔවුන් තමයි මේ ආර්ථික සහ සාමාජීය ගැටලුවට මුහුණ දෙන්නෙ. ඒ අනුව ජනාධිපතිතුමා සහ අග්‍රමාත්‍යතුමා අපට උපදෙස් ලබා දුන්නා මේ අර්බුදයට රජය මැදිහත් විය යුතුයි කිය.

     

    අපි අදාළ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන කැඳවල සාකච්ඡා කළා. එහි දී අපට දැන ගන්න ලැබුණ දෙයක් තමයි කණ්ඩායම් දෙකක් මේ ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා ඉන්නව කියන කාරණාව. පිරිසක් පවතින පනත යටතේ ලියාපදිංචි වෙලා මේ ණය ලබා දීම් කරනවා. තවත් පිරිසක් කිසිම ලියාපදිංචියක් හෝ වාර්තාකරණයක් නැතුව මේ වැඩේ කරගෙන යනවා. ඔවුන් ගැන අදටත් නියමිත තොරතුරක් ගන්න විදියක් නෑ. සාකච්ඡාවට කැඳවපු කණ්ඩායම ප්‍රකාශ කළේ ඔවුන් ණය ලබා දෙන උපරිම පොලිය 40%ක් බව. නමුත් එහෙම පොලියට ක්ෂුද්‍ර මූල්‍ය ණය අරගෙන තියෙන්නෙ කවු ද? එහෙම කිසිම කෙනෙක් නෑ. පොලිය කීය ද කියල ගත්ත අය දන්නෙත් නෑ. ඒ වගේ ම ඒ පොලී අනුපාතය කිවුවත් ඒක දවසේ පොලිය ද මාසේ පොලිය ද කියල දන්නෙත් නෑ. රජයේ සහ පෞද්ගලික බැංකු පද්ධතියක් ක්‍රියාත්මක වෙද්දි ග්‍රාමීය ජනතාව මේ උගුලට හසුවෙනවා. එහෙම නං අපේ වගකීම තියෙන්නෙ ගන්නෙ ඇයි කියල අහන එක නෙවෙයි, ඒකට විසඳුම් හොයන එකයි.


    රජයේ බැංකුවල සියය හතේ අටේ පොලියට ණය ලබා දෙන විට කිසිදු ලියවිල්ලක්, ඇපයක් නොමැති මේ අය අධික පොලියට ණයට දෙනවා. ඒ නිසා එක පැත්තකින් අපි පවතින පනත සංශෝධනය කරනවා. නමුත් අපි විශ්වාස කරන විදියට නීතිය තද කිරීමෙන් පමණක් මේ කටයුත්ත සාර්ථක වෙන්නෙ නෑ. ස්වයංව පාලනය වන ආකාරයක් අපි හඳුන්වා දිය

    යුතුයි. ඒ නිසා තමයි අපි තීරණය කළේ අපේ මේ පවතින සමෘද්ධි බැංකු පද්ධතිය හරහා ඊට විසඳුම් ලබා දීම හොඳම පිළිතුර කියල.” යැයි අමාත්‍යවරයා පැවැසීය.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya