මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුවත්පත් මණ්ඩල පනත නවීකරණය කර රට වෙනුවෙන් ප්‍රයෝජනයට ගත හැකි වන සේ සකස් කළ යුතුයි

    නොවැම්බර් 25, 2020

    පුවත්පත් මණ්ඩල පනත නවීකරණය කොට ඩිජිටල් අවකාශයත් පුවත්පත් යාන්ත්‍රණයත් යන අංශ දෙක ශක්තිමත්ව රට වෙනුවෙන් ප්‍රයෝජනයට ගත හැකි වන සේ සකස් කළ යුතු බව  පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටී.

    එමෙන්ම, ජනමාධ්‍ය විෂය සංකීර්ණ පුළුල් විෂයක් බවත්, එය සම්ප්‍රදායක මාධ්‍ය අවකාශයේ සිට ඉතා පුළුල්ව සංඛ්‍යාත ගත වූ තත්ත්වයකට පත්ව ඇති බවත්, එහෙයින් මාධ්‍ය සම්බන්ධව ජනතාවක් ලෙස, රජයයක් ලෙස විශාල වගකීමක් තිබෙන බවත් කියා සිටී හෙතෙම ඉදිරියේ දී ජනමාධ්‍ය අමාත්‍යංශය මඟින් මූලික වශයෙන් ලබාගත යුතු ජයග්‍රහණ රාශියක් තිබෙන බවත්, මෙරට රුපවාහිනී යාන්ත්‍රණය ඩිජිටල් කරණය කිරීමේ ක්‍රියාවලිය නැවත ඇති කිරීමටත්, මාධ්‍ය වෘත්තියකයින්ට වෘත්තීමය භාවය ලබා දෙන ශක්තිමත් තැනට මෙරට ගෙන ආ යුතු බවත් ප්‍රකාශ කර සිටියේය.

    තවද, යහපාලන ආණ්ඩුව විසින් කළ මැදිහත් වීම බරපතළ විවේචනාත්මක ඇසකින් බැලිය යුතු වන අතරම එයකි මැදිහත් වීම ආර්ථික හා සමාජීය වශයෙන් ඉතාම ඍණ අගයක් ගත් බවත්, එහෙත් පසුගිය රජයෙන් ගෙන ආ තොරතුරු දැනගැනීමේ පනත ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය බැඳී සිටින අතරම එය ආරක්ෂා කරනු ලබන බවත්, මෙරට නීතිය පක්ෂ, පාට මත නොව නීතියේ ඇති වැදගත්කම මත පමණක් සලකන බවත් ඒ මහතා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya