මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරේ දූපත් වල සංවර්ධනය ආරම්භ කෙරේ

    නොවැම්බර් 25, 2020

    උතුරේ දූපත් වල සංවර්ධන කටයුතු දෙවන අදියරටත් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.

    දූපත් අතර ගමනාගමන පහසුකම් වැඩි දියුණු කර සංවර්ධනයට අවශ්‍ය පදනම් ඇති කිරීමේ අරමුණ පදනම් කරගෙන කයිට්ස්, කරෛයිනගර් අතර පාලමක් ඉදිකිරීමටත්, අරාලි කුරිකට්ටුවන් අතර මාර්ගය කාපට් කිරීමටත් අවශ්‍ය කටයුතු ඇරඹෙන බවත් අමාත්‍යවරයා පැවසීය.


    විශේෂයෙන් කිලෝමීටර් 01 දිග ඇති අරාලි - කුරිකට්ටුවාන් මාර්ගය කාපට් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් ජනාධිපති ධූරය දරණ ලද කාල වකවානුවේදී සම්ප්‍රධායික කර්මාන්ත අමාත්‍යවරයා ලෙස ක්‍රියාකළ ඩග්ලස් දේවානන්දා මහතා විසින් මුලික කටයුතු ඇරඹූ අතර, ආණ්ඩුව වෙනස් වීම නිසා එම කටයුතු අඩාල විය.


    මේ අතර අමාත්‍ය ම‍ණ්ඩල රැස්වීමේදී මේ පිළිබදව අමාත්‍යවරයා විසින් පෙන්වා දුන් අතර මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙම මාර්ග සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 3000ක් වෙන් කර ඇත.
    තවද කයිට්ස් හා කරෛයිනගර් ප්‍රදේශ යා කිරීමට පාලමක් ඉදිකිරීමටත් පියවර ගෙන ඇත. මේ මගින් මෙතෙක් කල් පාවෙන පාලම් හරහා මගීන් ගමන් කළ අතර මෙම ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රවාහන කටයුතු පහසු කිරීමට අමාත්‍යවරයා පියවර ගෙන ඇත.

    දූපත් අතර මගීන් ප්‍රවාහන සේවයේ යෙදී ඇති බෝට්ටු පරිපාලනය මාර්ග සංවර්ධන අධිකාරියට පැවරීම මඟින් මෙම සේවාව විධිමත් කිරීමටත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පියවර ගෙන ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya