මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ප්‍රමාද වූ කොරියානු රැකියා සදහා පිටත් කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කෙරේ

    නොවැම්බර් 25, 2020

    කොරියානු ජනරජයේ රැකියා අවස්ථා ලබාගැනීම සදහා වන විභාග වලට පෙනී සිට ඉන් සමත් වූ පිරිස, කොවිඩ් 19 වසංගතය හේතු කොට ගෙන විදේශ ගත කිරීම ප්‍රමාද වූ බැවින් එම පිරිස කොරියානු රැකියා සදහා පිටත්කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළදපල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය  පියංකර ජයරත්න මහතා හා අමාත්‍යාංශයේ ලේකම් සමග ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහල නිළධාරීන් විසින් විශේෂ සාකච්ඡාවක්  ( 23) දින පවත්වන ලදී.


    එම සාකච්ඡාවේදී මේ පිළිබඳව කොරියානු ජනරජය සමග සාකච්ඡා කොට කණ්ඩායම් වශයෙන් කොරියාව සදහා රැකියාලාභීන් පිටත් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමටත්, කොරියාව විසින් එරටට ගෙන්වා ගන්නා ශ්‍රමිකයින්ගේ අනුමත ලැයිස්තුව ලැබීමෙන් පසු එම ශ්‍රමිකයින් සදහා පිටත්වීමට පෙර ලබා ගතයුතු අනිවාර්යය PCR පරීක්ෂණ හා නිරෝධායන අවශ්‍යතාවයන් රජය විසින් සිදු කිරීම පිළිබදවද මෙහිදී සාකච්ඡා කරන ලදී.

    මෙම සාකච්ඡාවේ දී කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයද සම්බන්ධ කරගත් අතර විභාගය සමත් අය සදහා කඩිනමින් රැකියා අවස්ථා ලබාගැනීමට සහ රටට ඇතුල්වීමේ අවසර ලබාගැනීම පිළිබදව කොරියානු නියෝජිතයින් සමග තවදුරටත් සාකච්ඡා කර වැඩසටහනක් සකස් කරන ලෙස අමාත්‍ය පියංකර ජයරත්න මහතා විශේෂ උපදෙස් ලබාදෙන ලදී.

    ඒ අනුව අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කර්යාලය මේ මස 26 වන දින කොරියාවේ මානව සම්පත් සංවර්ධන ආයතනය සමග මේ පිළිබදව විශේෂයෙන් සාකච්ඡා කිරීමටද කටයුතු යොදා ඇත. මෙම සාකච්ඡා ක්‍රියාමාර්ග තුලින් විභාගය සමත්ව කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ රැදිසිටින 5438ක් වන ලාංකික ශුමිකයින්ට රැකියා අවස්ථා සදහා පිටත් කර යැවීම කඩිනම් කිරීමට කාර්යාංශය බලාපොරොත්තු වේ.
    විභාගය සමත්ව වෙබි අඩවියෙහි රැදිසිටින පිරිසෙන් මේ වන විට 1111කට වීසා සදහා අවශ්‍ය ලේඛන ද ලැබී ඇති බව සාකච්ඡාවේ දී අවධාරණය කෙරිණි.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya