මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් සම්බන්ධ තොරතුරු ජනතාවගෙන් සඟවා තැබීමේ ආණ්ඩුවට කිසිඳු අවශ්‍යතාවයක් නැහැ - අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

    නොවැම්බර් 17, 2020

    කොවිඩ් සම්බන්ධ තොරතුරු ජනතාවගෙන් සඟවා තැබීමට ආණ්ඩුවට කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බව ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටී.

    අමාත්‍යයවරයා මේ බව කියා සිටියේ අද (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී Zoom ඔස්සේ පැවත් වූ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු විසින් කරන ලද පැනයකට පිළිතුරු ලබා දෙමිනි.

    කොවිඩ් වසංගතයෙන් මෙරට මුදවා ගැනීම සදහා මේ වන විට කටයුතු කරමින් සිටිපි එකට ඒකරාශී වී සිදු කළ යුතු බවත්, එහෙත් එය ප්‍රයෝගිකව කළ නොහැකි බවත්, එලෙස තොරතුරු ජනතාවගෙන් සඟවා තබා ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්, එලෙස වැරදි තොරතුරු ලබා දීමේ හැකියාවක් ද නොමැති බවත් මෙහි දී අමාත්‍යවරයා විසින් සඳහන් කළේය.

    විවිධ පුද්ගලයින් තම තමන්ගේ දේශපාලන මතවාද මත විවිධ පුවත් පුවත්පත් වල පල කරනු ලබන බවත්, එහෙත් රජයකට එකී පුද්ගලයින්ගේ දේශපාලන මතවාද වලට පිළිතුරු ලබා දෙනු වෙනුවට කොවිඩ් වසංගතය පාලනය කිරීමේ වැඩපිළිවෙලට ප්‍රමුඛත්වය දී කටයුතු කිරීම මෙම රජයේ වගකීම බවත් අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් අවධාරණය කළේය.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya