මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්රිය ධාවනයේ වෙනසක්

    ඔක්තෝබර් 21, 2020

    කොළඹ කොටුව - මහනුවර නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය, මරදාන - බෙලිඅත්ත දක්ෂිණ නගරාන්තර ශිඝ්‍රගාමී දුම්රිය හා කොළඹ කොටුව - පොළොන්නරුව පුලතිසි නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය නැවත දැනුම්දෙන තුරු ධාවනය නොවන බව දුම්රිය සාමාන්‍යධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා රජයේ නිල වෙබ් අඩවිය කළ විමසුමක දී කියා සිටියේය.

    එමෙන්ම, කොළඹ කොටුව - කන්කසන්තුරේ උත්තරදේවී නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය හා ගල්කිස්ස - කන්කසන්තුරේ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය සති අන්ත දිනවල දී පමණක් ධාවනය කිරීමටත්, කටයුතු කෙරෙන බවත් ඒ මහතා කියා සිටියේය.

    මේ වන විට රට තුල උද්ගතව තිබෙන COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් මඟීන් දුම්රිය ගමන් සීමා කිරීම හේතුවෙන් දුම්රිය මඟී ධාරිතාවය අඩු වීම නිසා මෙම දුම්රිය ගමන් වාර සංශෝධනය කිරීමට කටයුතු කළ බව පැවසූ ඒ මහතා ඉදිරියේ දී මඟීන්ගේ ධාරිතාවය කෙසේ ද යන්න පිළිබඳව සළකා බලා සාමාන්‍ය දුම්රියන් වල සංශෝධනයන් සිදු කිරීමට ඉඩ ඇති බවත්, කෙසේ වුවත් නිරෝධායන ඇඳිරිනීතිය පවතින ප්‍රදේශ අතර දුම්රිය නැවැත්වීමක් තවමත් සිදු නොකෙරෙන බව ද කියා සිටියේය.

    එහෙත්, මීට ප්‍රථම ගත් තීරණයක් මත නිරෝධායන ඇඳිරිනීතිය පවතින ප්‍රදේශ වල සිටින උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරු දැරියන් වෙනුවෙන් විශේෂිත දුම්රිය මැදිරි සහිත දුම්රියන් නවත්වා ආරක්ෂාකාරීව සහ සුපරික්ෂාකාරිව එකී දරුදැරියන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවශ්‍ය එකී කාර්යය තවදුරටත් සිදු කෙරන බව ද ඒ මහතා මෙහි දී වැඩි දුරටත් කියා සිටියේය.

     

     නැවත දැනුම්දෙන තුරු ධාවනය නොවේ

    පෙරවරු 7.00 ට කොළඹ කොටුව සිට මහනුවර දක්වා (නගරාන්තර ශීඝ්‍රගාමි දුම්රිය)
    පස්වරු 3.05 ට මහනුවර සිට කොළඹ කොටුව දක්වා (නගරාන්තර ශීඝ්‍රගාමි දුම්රිය)

    පස්වරු 3.00 ට මරදාන සිට බෙලිඅත්ත (දක්ෂිණ නගරාන්තර ශීඝ්‍රගාමි දුම්රිය)
    පෙරවරු 2.15 ට බෙලිඅත්ත සිට මරදාන (දක්ෂිණ නගරාන්තර ශීඝ්‍රගාමි දුම්රිය)

    පස්වරු 3.05 ට කොළඹ කොටුව සිට පොළොන්නරුව දක්වා (පුලතිසි නගරාන්තර
    ශීඝ්‍රගාමි දුම්රිය)
    පෙරවරු 2.15 ට බෙලිඅත්ත සිට කොළඹ කොටුව දක්වා (පුලතිසි නගරාන්තර ශීඝ්‍රගාමි
    දුම්රිය)

    සතියේ දිනවල ධාවනය නොවේ. (සති අන්තයේ පමණක් ධාවනයේ යෙදේ)

    පෙරවරු 5.10 ට ගල්කිස්ස සිට කන්කසන්තුරේ දක්වා (නගරාන්තර ශීඝ්‍රගාමි දුම්රිය)
    පස්වරු 1.15 ට කන්කසන්තුරේ සිට ගල්කිස්ස දක්වා (නගරාන්තර ශීඝ්‍රගාමි දුම්රිය)

    පෙරවරු 11.50 ට කොළඹ කොටුව සිට කන්කසන්තුරේ දක්වා (උත්තරදේවී නගරාන්තර
    ශීඝ්‍රගාමි දුම්රිය)
    පෙරවරු 05.30 ට කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා (උත්තරදේවී නගරාන්තර
    ශීඝ්‍රගාමි දුම්රිය)

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya