මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලිය බිඳවැටීම පිළීබදව සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව අමාත්‍ය මණ්ඩලයට

    අගෝස්තු 26, 2020

    පසුගියදා සමස්ත දිවයිනටම බලපාන ආකාරයෙන් සිදුවූ විදුලිය බිඳවැටීම පිළීබදව සොයා බැලීමටත්, එවැනි තත්ත්වයන් නැවත ඇතිවීමේ ප්‍රවණතාවය අවම කිරීමේ ක්‍රියාමාර්ගයන් පිළිබදව  හඳුනාගැනීමටත්, මහාචාර්ය රාහුල අතුලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටු වාර්ථාව අද (26) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට  නියමිත බව විදුලි බල අමාත්‍යාංශය පවසයි.

    පසුගිය 18 දින සිය ප්‍රථම කමිටු රැස්වීම පැවැත්වූ මෙම කමිටුව විසින් අදාළ විදුලිය බිදවැටීමේ සිද්ධියට බලපා ඇති හේතු සාධක සම්බන්ධයෙන් සියලු කරුණු විමසා බැලීමෙන් අනතුරුව මෙම
    වාර්ථාව සකස්කර තිබේ.


    එම වාර්තාව පසුගිය (24) දා පස්වරුවේ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට බාර දුන් අතර ඊයේ (25) දිනයේදී එය විෂයභාර අමාත්‍යවරයාගේ විශේෂ විමර්ශනයට ලක් විය.
    -

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya