මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනය පලාලි සංවර්ධනය කිරීමේ අවබෝධතා ගිවිසුම කැබිනට් අනුමැතියට ඉදිරිපත් කරනවා - ඇමති ප්‍රසන්න රණතුංග

    අගෝස්තු 26, 2020

    යාපනය පලාලි ගුවන්තොටුපල සංවර්ධනය කිරිම සඳහා ඉන්දීය රජය සමඟ අත්සන් කිරීමට අපේක්ෂා කරන අවබෝධතා ගිවිසුම කැබිනට් මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කරන බවට සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහතික වෙයි.

    ඔහු අවධාරණය කරන්නේ ඉදිරි සති දෙක තුළ මෙම අවබෝධතා ගිවිසුම කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවයි. මෙරට ඉන්දියානු මහ කොමසාරිස් මහතා සහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර ඊයේ සංචාරක අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ජාවකදී ඇමතිවරයා මේ බව සඳහන් කළේය. නව රජයේ සංචාරක ඇමතිවරයා ලෙස පත්වූ ප්‍රසන්න රණතුංග මහතාට හා ගුවන්සේවා හා අපනයන සැකසුම් කලාප රාජ්‍ය ඇමතිවරයා ලෙස පත්වූ ඩී.වී.චානක ඇමතිවරයාට සුභ පැතීම හා දෙරට අතර ද්විපාර්ශික සම්බන්ධතා තහවුරු කර ගැනීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්විණි.


    ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී පෙන්වා දුන්නේ මෙම අවබෝධතා ගිවිසුම මේ වනවිට කෙටුම්පත් කර අවසන් බවයි. කැබිනට් මණ්ඩල අනුමැතිය ලද වහාම දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කර පලාලි ගුවන්තොටුපල සංවර්ධනය කටයුතු ආරම්භ කරන බවද ඇමතිවරයා මෙහිදී කිවේය.


    යාපනය පලාලි ගුවන්තොටුපල දෙවන ලෝක යුද්ධය සමයේදී ආරම්භ කෙරුණකි. නිදහසින් පසු මෙරට දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපල ලෙස එයාර් සිලෝන් සිය මෙහෙයුම් ආරම්භ කල අතර දකුණු ඉන්දීය ගමනාන්ත සඳහා ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරිණ. කොටි ත්‍රස්තවාදය හේතුවෙන් 1980න් පසු ගුවන් ගමන් අඩු වූ අතර 2002 දී යාපනය පලාලි ගුවන්තොටුපල ගුවන් හමුදා පාලනයට නතුවිය. යුද්ධය අවසන් වීමෙන් පසුව 2010 වසරේදී මෙම ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන්තොටුපලක් ලෙස නැවත සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කෙරිණ. යාපනය පලාලි ගුවන්තොටුපල සංවර්ධනය සඳහා ඉන්දියානු රජය රු.මිලියන 300ක ප්‍රධානයක් ලබාදීමට එකඟතාවය පළ කර තිබුණි. අදාල අවබෝධතා ගිවිසුම සැකසෙන්නේ එ සඳහායි. මේ යටතේ පැම්ණිමේ හා පිටත්වීමේ ගුවන් මගී හෝ ගුවන් මලු මෙහෙයුම් කටයුතු සඳහා සරල මෙහෙයුම් පද්ධතියක් ස්ථානගත කිරීම මෙන්ම මගී පර්යන්තය පුළුල් කිරීමට ද අපේක්ෂිතයි.


    ඇමතිවරුන් හා ඉන්දීය මහ කොමසාරිස්වරයා පැවැති සාකච්ඡාවේදී ඉන්දීය මහ කොමසාරිස්වරයා පසුගිය මහමැතිවරණයේදී ඇමතිවරයා සහ වත්මන් රජය ලබාගත් අති විශිෂ්ඨ විජයග්‍රහණය වෙනුවෙන් සිය ප්‍රශංසාව පළ කළේය. කටුනායක ගුවන්තොටුපල නැවත විවෘත කල වහාම ඉන්දීයාවේ කුසිනාරා නුවරට බෞද්ධ වන්දනා පිරිසක් එවන්නැයි ඉන්දියානු කොමසාරිස්වරයා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගෙන් ඉල්ලා සිටියේය. ඇමතිවරයා කීවේ ඒ පිළිබඳව තමන් ඉතා සතුටු වන බවය.

    දෙරට අතර පුළුල් සංචාරක වැඩපිළිවලක් මෙන්ම ආයෝජන අවස්ථා පුළුල් කිරිම සම්බන්ධයෙන්ද දෙපාර්ශවය අතර දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගැනින. ඉන්දියානු මහ කොමසාරිස්වරයා කීවේ මෙරට සංචාරක හා ආයෝජන කේෂ්ත්‍රය සංවර්ධනය වෙනුවෙන් ඉන්දියානු රජයේ පූර්ණ සහය පළ කරන බවයි. ඉන්දියාවේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් ශ්‍රී ලංකාවේ ආයෝජනයට දැඩි කැමැත්තක් දක්වන බවද මහ කොමසාරිස්වරයා මෙහිදී කියාසිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya