මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය පණිවුඩ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත කිරීමට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් නව වැඩපිළිවෙලක්

    අගෝස්තු 26, 2020

    සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති සියලු විශේෂිත වැඩසටහන් හා විශේෂිත ව්‍යාපාර වල සෞඛ්‍ය පණිවුඩ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත කිරීමට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් නව වැඩපිළිවෙලක් සකසන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා පවසයි.

    ෆේස්බුක් ආයතනයේ පුහුණු අංශයේ නිලධාරින්ගේ සහායද සහිතව තෝරාගත් සෞඛ්‍ය ආයතන ප්‍රධානීන් වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ( 25) ආරම්භ කළ පුහුණු වැඩසටහනක සමාරම්භක දේශනය කරමින් විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා ඒ බව සඳහන් කලේය.

    සමාජ මාධ්‍ය අතිශයින් ප්‍රචලිත වී තිබේ. කොවිඩ් -19 නිසා සමාජයම අඩපණව තිබුනු පසුගිය කාල සීමාවේ පවා සෞඛ්‍ය පණිවුඩ ජනතාව වෙත සමීප කරවීමටද සමාජ මාධ්‍ය යොදා ගැනීමට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයට හැකි විය . මේ සියල්ලේම ප්‍රතිඵල ලෙස අතිවිශාල සංඛ්‍යාවක් වෙත පණිවුඩ ගෙන යාමට කාර්‍යාංශයට හැකි විය.

    ඊට හේතුව සමාජ මාධ්‍ය හැසිරෙන ආකාරය පිලිබදව නිසි දැනුමක් ලබාදීමත්, එහි තාක්ෂණය මෙන්ම සමාජ අලෙවිකරණය, ආදී කරුණු පිලිබඳ දැනුවත්බව ලබාදීමත් සමාජ මාධ්‍යය පරිහරණය කිරීමේදී දැන ගත යුතු තාක්ෂණික කරුණු පිළිබදවත් දැනුවත් කිරීමට තීරණය කලේ දැනට සමාජ මාධ්‍ය සම්බන්ධ ඇති ගැටලු විසඳා දීමේ අරමුණින් බවද අධ්‍යක්ෂවරයා සදහන් කලේය.

    සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති විශේෂිත වැඩසටහන් හා විශේෂිත ව්‍යාපාර වල නිලධාරීන් , ෆේස්බුක් ආයතනයේ නිලධාරීන් ඇතුළුව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya