මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පශු සම්පත් රාජ්‍ය ඇමති මිල්කෝ සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ නිරීක්ෂණ චාරිකාවක..

    අගෝස්තු 25, 2020

    නාරාහේන්පිට පිහිටි මිල්කෝ සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලවල නිරීක්ෂණ චාරිකාවක් සඳහා පශු සම්පත්, ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා ඊයේ දින (24) සහභාගී විය.

    මෙහිදී එම ආයතනවල පවතින වර්තමාන තත්වයත්, එහි නිපදවනු ලබන කිරි ආශ්‍රිත නිෂ්පාදන වල වෙළඳපොල තත්වය හා මේ වන විට ආයතන තුල පත්ව ඇති මුල්‍ය හිඟය මෙන්ම එම ආයතන මඟින් දේශීය ජනතාව වෙත පරිභෝජනය සඳහා නිපදවනු ලබන කිරි ආශ්‍රිත නිෂ්පාදන වැඩි දියුණු කිරීම සඳහා සැලසුම් කර ඇති අනාගත වැඩපිළිවෙලවල් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.

    මෙම අවස්ථාව සඳහා කෘෂිකර්ම කැබිනට් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ මොහාන් සිල්වා යන මහත්වරුන් සහ ඉහත ආයතන වල සභාපතිවරුන් සහ ප්‍රධාන නිලධාරින්ද සහභාගී වී සිටියේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya