මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්කොළ අඩංගු විට වර්ග විකිණීම,ප්‍රදර්ශනය කිරීම සහ මහජනතාවට පෙනෙන සේ දුම්වැටි භාවිතය ශ්‍රී ලංකාව තුළ සපුරා තහනම් - දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරීයේ සභාපති

    අගෝස්තු 25, 2020

    2006 අංක 27 දරණ දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරී පණතට අනුව දුම්කොළ අඩංගු විට වර්ග විකිණීම ,ප්‍රදර්ශනය කිරීම සහ මහජනතාවට පෙනෙන සේ දුම්වැටි භාවිතය ශ්‍රී ලංකාව තුළ සපුරා තහනම් බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරීයේ සභාපති, ආචාර්ය , වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසයි.

    මත්ද්‍රව්‍ය ,දුම්වැටි සහ මධ්‍යසාර නිවාරණය පිණිස නව ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමේ පුහුණු වැඩසටහනක දේශනයක් කරමින් ඔහු ඊයේ (24) මේ බව සදහන් කළේය.

    දිවයින පුරා විසිරී සිටින සෞඛය ක්ෂේත්‍රයේ නිලධාරීන් සහ වෛද්‍ය නිලධාරීන් වෙනුවෙන් බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී දැන් පැවැත්වෙන පුහුණු වැඩමුළුවේදී ආචාර්ය සමාධි රාජපක්ෂ මහතා අවධාරණය කලේ ඉදිරි කාලය තුළදී මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් මෙම නීති ප්‍රායෝගිකව තදින් ක්‍රියාත්මක කිරීමට මැදිහත්වීමක් කිරීමට දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය බලාපොරොත්තු වන බවයි.

    දුම්බීමට තහනම් ප්‍රදේශ යටතට මේ දක්වා සලකා ඇත්තේ විවෘත නැති පොදු ස්ථාන වේ . පණතේ මේ වගන්තිය යටතේ බොහොමයක් පොදු ස්ථාන ආවරණය නොවන බව පෙනී ගොස් ඇත. ඉදිරියේදී මෙම වගන්තිය සියලුම පොදු ස්ථාන ලෙස වෙනස් කිරීමට බලාපොරොත්තු වෙයි.

    කෙසේ වෙතත් දැනට පවතින පනත අනුව වුවද තවත් අයෙක් පෙළඹවීමක් ඇතිවන පරිදි මහජනතාවට ප්‍රදර්ශනය වන සේ දුම්වැටි භාවිතය දැනට තිබෙන පනත යටතේ වුවද සපුරා තහනම් වෙයි. එසේම දුම්කොල සහිත බුලත් විට අලෙවි කිරීමද සපුරා තහනම් නමුත් එම නීතිය තවමත් හරිහැටි ක්‍රියාත්මක නොවනවන බව වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පැවසුවේය.

    නමුත් ඉදිරියේදී මේ නීති ප්‍රකාරව දැඩිව කටයුතු කිරීමට ද තීරණය කර ඇතැයි ඔහු අවධාරණය කළේය. මේ අතර දුම්කොල සහිත බුලත් විට සැපීම ඇතිවන මුඛ පිළිකා නිසා ශ්‍රී ලංකාවේ තිදෙනෙක් (03) දිනකට අහිමිවන බවද ඔහු අනාවරණ කළේය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya